ජංගම දුරකථන ක්‍රියා විරහිතවී වාහනයේ ඉන්ධන අවසන් වෙලා - 27 හැවිරිදි තරුණයා මරු කතරේ ගෙවූ අවසන් හෝරා කිහිපය

සෞදි අරාබියේ Rub' al Khali කාන්තාරයේදී 27 හැවිරිදි ඉන්දීය තරුණයෙක් සහ තවත් පුද්ගලයෙක් විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තෙලන්ගානා හි පදිංචිකරුවෙක් වන මොහොමඩ් ෂෙසාඩ් ඛාන් නම් මියගිය ඉන්දීය තරුණයා, සෞදි අරාබියේ විදුලි සංදේශ සමාගමක වසර තුනක් තිස්සේ සේවය කරමින් සිටි බව සඳහන්.
ෂෙසාඩ් සහ ඔහු සමඟ ගිය සුඩාන ජාතිකයා Rub' al Khali හි භයානකම කලාපයක් ලෙස සැලකෙන කොටසක අතරමංව සිට ඇති බවයි වාර්තා වන්නේ.
කිලෝමීටර් 650 කට වඩා විහිදෙන Rub' al Khali, වඩාත් දරුණු තත්ත්වයන් සඳහා ප්‍රකට කාන්තාර බිමකි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ෂෙසාඩ් සහ අනෙක් පුද්ගලයා GPS සංඥා ක්‍රියා විරහිත වීමකට, ජංගම දුරකථන ක්‍රියා විරහිත වීමකට සහ ඔවුන් ගමන් කළ වාහනයේ ඉන්ධන අවසන් වීමකට ද මුහුණපා ඇති බවයි.
එලෙස අතරමං වූ ඔවුන්, ආහාර හෝ ජලය නොමැතිව කාන්තාරයේ කල් ගෙවා ඇති අතර පසුව දැඩි විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඔවුන්ගේ සිරුරු වාහනය අසල වැටී තිබියදී දින හතරකට පසු සොයාගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
393 Views
Comments