“ආයෙ මම කිසි කෙනෙක්ගෙ පද රචනා භාර ගන්නෙ නෑ, මට ලියන්න පුළුවන්...” - “පිටකවරෙ” කතෘ භාගය ගැන සටහනක්

'අමු සිංදු' එක්ක කරළියට ආව ජනප්‍රිය චරිතයකි, ගායක සංජීව් ලෝන්ලියෙස්.
මෑත කාලීනව සංජීව් වඩාත් කතාබහට ලක්වුණේ ''පිටකවරේ'' අමු සිංදුවත් එක්ක.
ගීතය කෙතරම් ජනප්‍රිය වුණාද කියනවා නම්, බොහෝදෙනාගේ නිතර මුවග රැව්දෙන වචන ''පිටකවරේ'' ගැබ්වෙලා තිබුණා.
සංජීව්ගේ හඬ මුසු එහි පද රචනා කර තිබුණේ, අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.
කොහොම නමුත් අත්තිඩියේ පුඤ්ඤරතන හිමි විසින් සිය ෆේස්බුක් ගිණුම තුළ ඉතා දීර්ඝව ගීතයේ කතෘ භාගය පිළිබඳව සටහනක් තියලා.
''....පිටකවරේ ගීතය සමාජයේ අසීමිතව ජනප්‍රිය වීගෙන ඒද්දී ඔබට මාධ්‍ය හරහා ලැබුණු වැඩසටහන් කොතෙකුත් තිබුණද, ඒ කිසිදු වැඩසටහනකදී ඔබ ගීතය රචනා කළ රචකයා පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් නොකිරීමට වගබලා ගත් හැටි මම දුටුවෙමි.
ඒ කිසිවෙකින් මම කම්පා නොවුණෙමි. මන්ද මම සරස්වතිය පිටුපස යන භික්ෂුවක් නොව, සරස්වතිය මා පසුපස එන භික්ෂුවක් වන හෙයිනි.
පිටකවරේ ගීතය මිලියන ගණන් මිනිසුන් නරඹන විට ඔබ ගීතය පිළිබඳ උද්දාමයට පත් වූවා මිස, නිර්මාණයකදී තිබිය යුතු සාමූහික වගකීම සතයකට මායිම් නොකළ අයුරු මා බලා සිටියේ දැඩි ජුගුප්සාවකිනි.
ගීතය හරහා රට රටවල්හි ප්‍රසංග සඳහා ඔබ අය කළ අසීමිත මිල අයකිරීම් ගැන ඇතැම් දෙනා පුද්ගලිකවත් මට කතා කොට පැවසූ දෑ සලකා බලනවිට මේ නිර්මාණයෙන් අප මතුකරන සැබෑ සමාජ සාරාර්ථ සාධනය වී ඇද්ද යන ගැටලුව මට පැන නැගුණි.
පිටකවරේ ගීතය ජනප්‍රිය වීමත් සමග එය mass audience එකක් දක්වා පැතිර යද්දී, ලංකාවේ සුභාවිත ගීතය වෙනුවෙන් පණ දීගෙන සිටින ඇතැම් රචකයන්ගේ සහ රචිකාවියන්ගේ මනෝභාවයයන් කෙතරම් බංකොලොත් ද සහ දීනද යන්න මට කෙමෙන් වැටහෙන්නට වූයේ ඔවුන් දරාගත නොහැකි ඊර්ෂ්‍යාවකින් සහ ක්‍රෝධයකින් සිදුකළ අපහාස හා උපහාස මුසු කමෙන්ට්ස් දකිද්දීය.
මම ඒවා පිළිබඳ එතරම් පුදුම නොවුයේ එය ලංකාවේ මිනිස්සුන්ගේ ස්වභාවය බව මා හොඳින් දැන හඳුනගෙන සිටින බැවිනි. ලංකාවේ ගීතයක් නිර්මාණය කොට ජනගත කිරීමට යාමේදී රචකයාට සිදුවන අභාග්‍යසම්පන්න ඉරණම කෙබඳුද යන්න ගීත ලියන රචක රචිකාවියන්ට මම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
සමහරු පඩිපත වියදම් කොට ගී නිර්මාණ කරති. සමහරු ණයට මුදල් ඉල්ලාගෙන ගී නිර්මාණ කරති. නමුත් ඒ කිසිවකින් රචකයාට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයක් නැත. අඩුම තරමේ රචකයෙක් ලබන මානසික අස්වැසිල්ල පවා ඔහුට ලාංකේය වේදිකාව තුළ අහිමිය. මන්ද ලංකාවේ අති බහුතරයක් ගායකයින් කිසිවිටෙකත් ගීතය ලියූ රචකයාට credit එක දී අඩුම තරමේ ස්තුතියක් කිරීමට පවා කෘතඥවන්නන් නොවන හෙයිනි.
( සුළුතරයක් එබඳු නොවන අයද සිටී)
ඉතින් මා ලියූ ගීතයේ වීඩියෝව පවා ගීතය රචනා කළ රචකයාගේ චැනල් එකෙහි පළ කිරීමට Access ලබා නොදුන් ඔබෙන් මම කවරනම් ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නද?
මම ඔබෙන් ගීතයේ කතෘ භාගය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙරාතුව විමසූ එක කරුණක් ඔබට මතක යැයි සිතමි....''
(අත්තිඩියේ පුඤ්ඤරතන හිමි තැබූ සටහනින් කොටසක්)
මේ කතාබහෙන් පස්සෙ සංජීව් ලෝන්ලියෙස් ද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එකතු කර තිබෙනවා.
ඒ තමන්ට එල්ල වන චෝදනාව ගැන පැහැදිලි කිරීමක් සහිතව.
ඊට අනුව ඔහු මතු කරලා තිබුණෙ, තමන් මේ ගීතය හරහා කිසිදු අසාධරණ ඉපයීමක් නොකළ වග.
ඒත් එක්කම කතෘ භාගය නොදී සිටීමට තමන් උත්සාහයක් නොගත් බවත් සංජීව් පෙන්වලා දීලා.
කොහොම නමුත් මේ කතාබහත් එක්ක තමන් ගත්ත තීරණයක් ගැනත් ඔහු අවධාරණයෙන් කියලා තිබුණා.
ඒ, මින් පසු තමන් අන් අයගේ පද රචනාවන් භාර නොගන්නා බව !
''හැම කතාවකම දෙපැත්තක් තියෙනවා... මේ වීඩියෝ එක දැම්මෙ ඒ හින්දා..
උඹල මේක අහලා තීරණය කරපල්ලා මචෝ..
කාලෙන් කාලෙට එක එක හේතු ඉස්සරහට දාගෙන පුලුවන් තරම් අපිට මඩ ගහනවා...
පාඩුවේ කලාවක් වත් කරන්න දෙන්නෙ නැති පාටක් පෙන්නෙ...
ඇත්තටම කලකිරුණා මචන්...''
24979 Views
Comments