“මම බලාගන්න පටන් ගත්ත පළමු දරුවා එයා....” - දැවැන්ත තරු පවුල්වල දරුවන්ට දෙවැනි මව වූ ලලිතා ඩී සිල්වා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

“මම බලාගන්න පටන් ගත්ත පළමු දරුවා එයා....” - දැවැන්ත තරු පවුල්වල දරුවන්ට දෙවැනි මව වූ ලලිතා ඩී සිල්වා (PHOTOS)

“මම බලාගන්න පටන් ගත්ත පළමු දරුවා එයා....” - දැවැන්ත තරු පවුල්වල දරුවන්ට දෙවැනි මව වූ ලලිතා ඩී සිල්වා (PHOTOS)

'ලලිතා ඩී සිල්වා', මේ නම ඔබට හරි හුරුපුරුදු ඇති. ඒකට එක හේතුවක් පහුගිය කාලයේ ඇය ගැන වඩාත් කතාබහට ලක්වීම. ඒ, ආනන්ත් අම්බානිගෙ රජ මඟුලත් එක්ක.

 

ඇයත් අම්බානි පවුලේ ආරාධනා ලද ලැයිස්තුවේ උන්නා.

 

ඊටත් වඩා ලංකාවේ අය අතර 'ලලිතා ඩී සිල්වා' කියන නම ප්‍රසිද්ධ වුණේ, ඒ නමෙහි ලාංකීය හුරුවක් තිබීම නිසාවෙන්. ඉතින් බොහෝදෙනා අනුමාන කරන්න ගත්තා ඇය ලංකාවේ කෙනෙක් ය යන මතය.

 

නමුත් ඈට ලංකාව එක්ක නෑකමක් ඇති බවක් ගැන නම් සඳහනක් නෑ. ඇය ඉන්දියාවේ මුම්බායි හි උපන් තැනැත්තියක්.

 

 

ලලිතා කියන්නෙ නිකන් ම නිකන් 'නැනී' කෙනෙක් නම් නෙවෙයි. ඇය ළමා රෝග හා සම්බන්ධ වෘත්තීය මට්ටමේ හෙදියක්.

 

ඒ වෘත්තීය ගරුත්වය එක්කයි ලලිතා බොලිවුඩයේ තරු දෙමාපියන්ගේ 'තරු බබාලා' බලාගන්න, එයාලට දෙවැනි මවක් වෙන්න තීරණය කරන්නෙ.

 

එහෙම ඇයගේ රැකවරණය ලත් පළමු තරු බබා තමයි අම්බානි පවුලෙ බාලයා, ආනන්ත්.

 

“මම බලාගන්න පටන් ගත්ත පළමු දරුවා එයා.

ඔහුගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම ඇදහිය නොහැකි හැඟීමක්.

මට හැඟුණු දේවල් මට ප්‍රකාශ කරන්න තේරෙන්නෙ නෑ. ඔහු හොඳ ළමයෙක්. දැනුත් ඔහු ඒ වගේමයි...”

 

ලලිතා මේ කතාව කියලා තිබුණෙ ආනන්ත් - රාධිකා විවාහ මංගල උත්සවයට සහභාගී වීමෙන් පසුව.

 

 

ආනන්ත්ගෙන් පස්සෙ ලලිතා දෙවැනි මවක් හැටියට වඩාත් කතාබහට ලක්වෙන්නෙ කරීනාගේ පුතුන් වන තයිමූර් සහ ජෙහ් එක්ක.

 

එතන විශේෂත්වය නම්, ලලිතා කරීනාගේ ඉල්ලීම පරිදි තයිමූර්ව කැමරාවලින් ආරක්ෂා කරගන්න සාර්ථක ප්‍රයත්නයක් දරනවා.

 

“කරීනා පුදුම මවක්. ඇය ඉතා විනයගරුකයි.

ඇගේ දරුවන් ද ඒ හා සමානයි. සයිෆ් ඔහුගේ දරුවන් සමඟ ඉතා හොඳින් කටයුතු කරයි...''

 

ඇය මේ වෙද්දි නළු රාම් චරන් සහ ඔහුගේ බිරිඳ උපාසනා කොනිදේලා එක්ක ඔවුන්ගේ දියණිය බලාගන්නවා.

 

වාර්තා වන හැටියට ඇයගේ මීළඟ බලාපොරොත්තුව රන්වීර් - දීපිකා යුවළගේ දරුවාව රැක බලාගැනීම.

 

views

3534 Views

Comments

arrow-up