ලෝක ප්‍රකට ගායන තරුව ජස්ටින් බීබර් තැබූ ඉතිහාසගත වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

ලෝක ප්‍රකට ගායන තරුව ජස්ටින් බීබර් තැබූ ඉතිහාසගත වාර්තාව

ලෝක ප්‍රකට ගායන තරුව ජස්ටින් බීබර් තැබූ ඉතිහාසගත වාර්තාව

ලෝක ප්‍රකට ගායන තරුව ජස්ටින් බීබර්, විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන.

 

ඒ බීබර්ගේ 'Baby', බිලියනයක වාර්තාවක් තැබීමත් එක්ක.

 

දැන් එක පාරටම 'බීබර්ගේ මොන බේබි ද' කියලා හිතුණා නේද !

 

මොකද ඊයේ (24) තමයි ජස්ටින් බීබර් - හේලි බීබර් යුවළ, සිය පළමු දරුවා වන 'JACK BLUES BIEBER' මෙලොව එළිය දුටු බව නිවේදනය කළේ.

 

නමුත් මේ කියන 'බේබි' ඒ 'බේබි' නම් නෙවෙයි.

 

ජස්ටින් බීබර් වටා මහා ලොකු රසික ආකර්ෂණයක් ඇති කළ 2010 හි ජනප්‍රිය වූ 'Baby' (Baby ft. Ludacris) තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නෙ.

 

විදෙස් වාර්තාවන්ට අනුව 'Baby', නිල වශයෙන් Spotify හි streams බිලියනයක් ඉක්මවලා. ඒ අනුව 'Baby' දැන් Spotify හි සුවිශේෂී වූ 'Billion Streams Club' ප්‍රවේශය ලබාගෙන.

 

මේ ජයග්‍රහණය 'Spotify ඉතිහාසයේ Streams බිලියන 1කට වඩා වැඩිම ගීත ඇති කලාකරුවා ලෙස' කැනේඩියානු පොප් තරුව වාර්තා අතරට රැගෙන යන්නක් ද වනවා.

 

බීබර්ගේ 'Baby' කියන්නෙ ඔහුගේ පළමු ඇල්බමය වන My World 2.0 හි ප්‍රධාන ගීතය.

 

 

එය Billboard Hot 100 හි පස්වන ස්ථානය ලබාගෙන, පසුව RIAA වෙතින් 12x ප්ලැටිනම් සහතිකය ද ලබා ගනිමින් එක්සත් ජනපදයේ ඉහළම ප්‍රස්ථාරගත ගීතය බවට පත්ව අවසන්.

 

''Baby'' ලියා ඇත්තේ Bieber, Ludacris, Christina Milian, Tricky Stewart සහ The-Dream විසින්.

 

ඒ වගේම එහි වීඩියෝව යූ ටියුබ් හි බිලියන තුනකට වඩා (3.1B views) නැරඹුම් වාර හිමිකරගෙන.

 

කොහොම නමුත් බීබර්ගේ මේ Spotify වාර්තාව, ඔහුගේ ජීවිතයේ වඩාත් සුවිශේෂී මොහොතක අහන්න ලැබීම 'බීබර් රසිකයින්ට' නම් සතුට දෙගුණ කරන කාරණාවක් බව විශ්වාසයි.

 

 

views

326 Views

Comments

arrow-up