රනිල් ද..? සජිත් ද..? අනුර ද.. නාමල් ද..? - හස්ත රේඛා අනුව සැප්තැම්බර් 21 වැනිදා රට භාරගන්න නායකයා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

රනිල් ද..? සජිත් ද..? අනුර ද.. නාමල් ද..? - හස්ත රේඛා අනුව සැප්තැම්බර් 21 වැනිදා රට භාරගන්න නායකයා

රනිල් ද..? සජිත් ද..? අනුර ද.. නාමල් ද..? - හස්ත රේඛා අනුව සැප්තැම්බර් 21 වැනිදා රට භාරගන්න නායකයා

එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබෙන ජනාධිපතිවරණය මේ වනවිට උණුසුම් මුහුණවරක් ගෙන තිබෙනවා.

 

ඊට හේතුව කරට කර ප්‍රබල අපේක්ෂකයින් රැසක්ම ඒ සඳහා තරග වැදීමයි.

 

ඉතින් හස්ත රේඛාවට අනුව කවුද එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදායින් පසු රටේ නායකයා එහෙමත් නැත්තම් නව ජනාධිපති ධූරයට පත්වෙන්නේ...

 

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ද..?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද?

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම නාමල් රාජපක්ෂ ද?

එහෙමත් නැත්තම් වෙන කවුරුහරි ද?

 

හස්ත රේඛාව හඳහනටත් වඩා බලගතුයි කියලා කතාවක් තියනවනේ.. මේ හස්ත රේඛාවට අනුව පුද්ගලයෙක් ගෙවපු ජීවිතේ.., ගෙවන ජීවිතේ.., ගෙවන්න තියන ජීවිතේ ගැන වුණත් කියන්න පුලුවන්...

 

ඉතින් මේ රේඛා අනුව මේ මොහොතේ ජනතා ආකර්ශනය වැඩිපුරම තියෙන්නේ අනුර කුමාර දිසානායකට කියල තමයි ආරංචි වෙන්නේ.. (මතකනේ මේක මේ මොහොතේ කතාවක්)

 

දැනට කියන කාරණාව ඉදිරියේදී වෙනස් වෙන්න පුලුවන්...

 

ඒ කියන්නේ සැප්තැම්බර් මස 21 වැනිදා වෙනකොට ඒක උඩු යටිකුරු වෙන්න පුලුවන්.. හිතන්නේවත් නැති පුද්ගලයෙක් ජනාධිපතිධූර අපේක්ෂකයෙන් වෙන්න පුලුවන් හැකියාව පවතිනවා..

 

යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් භූත වෛද්‍යවිද්‍යා හස්ත රේඛා ලොකු ගුරුන්නාන්සේ නමින් හඳුන්වන හස්ත රේඛා ජ්‍යෝතිෂ්‍යවේදියෙක් තමයි මේ ප්‍රබල අනාවරණය සිදුකරන්නේ..

 

" ඔහුට අනුව මේ මොහොතේ ජනතා ප්‍රතිචාර යහපත්ව තිබෙන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාටයි.."

"දෙවනි ස්ථානය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාටත්.. තුන්වන ස්ථානය වන්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් හිමියි කියලා ඔහු සඳහන් කරනවා.."

"කොහොම වුණත් හවුල් රහස් සාකච්ඡා පවතින දේශපාලන බල අරගලය වෙනස්ම තැනකට ගෙනියන්න පුලුවන් කියලත් ඔහු කියනවා.."

"ඒ නිසාම ජනතා මතය හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්නත් නියමිතයිලු..."

"ලොකු ගුරුන්නාන්සේට අනුව යුද්ධය ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂට හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව හිමිවන්නේ හතරවෙනි තැනයි.."

'ඒ අතරේ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල රාජ යෝගයක් තියනවා කියලත් කියනවා.."

views

307 Views

Comments

arrow-up