“කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා, ඔයා ඔයාම වෙන්න” - ත්‍රිකලාගෙන් උපදෙසක් (PHOTOS)

කාලෙකට පස්සේ ත්‍රිකලා ආයෙත් ඔන්න ඔබ වෙනුවෙන් යමක් කියන්න හිතලා..
ඇය ඇත්තටම ජීවිතය ජයගත්ත කාන්තාවක් කියලා හඳුන්වාදෙන්න පුළුවන්..
මොකද ත්‍රිකලා ඒ තරම්ම ධනාත්මක දේවල් ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට ඉදිරිපත් කරනවා..
කොහොම වුණත් සාර්ථක ජීවිතයක් ගත කරන්න කළින් ඔයා ධනාත්මක වෙන්න ඕන කියන එක ත්‍රිකලා ගොඩක් වෙලාවට කියන දෙයක්.. මෙන්න බලන්නකෝ ඇය අලුත්ම ඡායාරූප එකතුවක් එක්ක කියලා තිබුණ කතාව..
"මේක ශූට් එකක් නෙවේ කතාවක් ‼️
කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා..
මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති
ඔයාට වඩා ගොඩක් සල්ලි තියන අය ඇති
ඔයාට වඩා ගොඩක් ලස්සන අයත් ඇති
හැබැයි මේ ලෝකේ වෙන කොහේවත් ඔයා වගේ කෙනෙක් නෑ....
ඔයා මොන තත්වෙක හිටියත් ඔයා ඔයාට ආවේනික බ්‍රෑන්ඩ් එකක්
ඉතින් තව කෙනෙක්ගේ කොපියක් වෙනවට වඩා..... ඔරිජිනල් එකක් වෙන එක මරු නේ....‼️‼️
ඉතින් ඔයාව ආයේ කාත් එක්ක වත් සංසංදනය කරන්න එපා
ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාව එපා වෙන එක විතරමයි ‼️
ඔයා ඔයාම වෙන්න
කැඩපත තුලින් ඔයාවම දකින්න
එතකොට ජීවිතේ තියනවටත් වඩා ඔයාට ලස්සනට පේන්න පටන් ගනී ...
මොකද
ඔයා ඔයාව පිළිගන්න ,ඔයාට ආදරය කරන්න , ඔයාව විශේශ කෙනෙක් වගේ දකින්න පටන් ගන්න නිසා..."
240 Views
Comments