අම්මයි තාත්තයි වැඩට ගියාම අයියා 11 හැවිරිදි මල්ලීට කළ අපරාධය - 6 වසර දරුවෙක් සියල්ල හෙළිකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

අම්මයි තාත්තයි වැඩට ගියාම අයියා 11 හැවිරිදි මල්ලීට කළ අපරාධය - 6 වසර දරුවෙක් සියල්ල හෙළිකරයි

අම්මයි තාත්තයි වැඩට ගියාම අයියා 11 හැවිරිදි මල්ලීට කළ අපරාධය - 6 වසර දරුවෙක් සියල්ල හෙළිකරයි

තම එකොළොස් හැවිරිදි බාල සහෝදරයාට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන අයියා පසුගිය 12වනදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරාසන්නයේ ගමක පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 

වැඩිමහල් සහෝදරයා තමන්ට ලිංගික අපයෝජනයන් කරන බවත් ඊට අකමැති වන විට පහර දෙන බවත් පවසමින්, 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු ඥාති කාන්තාවකට සිදු කළ දැනුම් දීමකට අනුව එම කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


සිද්ධියට මුහුණ පෑ දරුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, මව ආපන ශාලාවක රැකියාව සඳහා උදෑසන 7ට නිවසින් පිටව ගොස් රාත්‍රී 11 යළි නිවෙසට පැමිණෙන බවත්, දහවල් කාලයේ දී සිය වැඩිමහල් සහෝදරයා සමග නිවසේ තනිව සිටින විටදී අවස්ථා ගණනාවකදී සහෝදරයා විසින් එම දරුවාට ලිංගික අපයෝජනය සිදු කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

 

දෙදෙනාගේම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වින්දිත දරුවා සහ සැකකරු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

views

765 Views

Comments

arrow-up