කැසට් එකේ ශබ්දය අඩුකරන්නැයි කියුවාට උරණ වූ බෑනා නැන්දම්මාට කල දේ

කැසට් යන්ත්‍රයේ හඬ අඩු කරන ලෙස යාබද නිවසේ පදිංචි දුවට පැවසීම නිසා උරණවූ බෑනා නිවසට පැමිණ නැන්දම්මාගේ ගෙල සහ අත පිහියකින් කපා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පයාගල, කටුකුරුඳුගහලන්ද, අක්කර 26 පදිංචි අලංකාගේ ශ්‍රියානි මල්ලිකා (අවු.65) යන අය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තමා නිවසේ තනිව ජීවත් වන බවත් අල්ලපු නිවසේ දියණිය සහ බෑනා පදිංචිව සිටින බවත් කැසට් යන්ත්‍රය උස් හඬින් දමා තිබූ නිසා එහි හඬ අඩු කරන ලෙස කී විට බෑනා සමග බහින්බස්වීමක් ඇතිවූ බවත් ඇය පොලිසියට කර තිබූ ප්‍රකාශයේ සඳහන්වේ.
තමා දොර ජනෙල් වසාගෙන නිවස තුළටවී සිටින විට බෑනා නිවසේ පිටුපස දොර කඩාගෙන නිවස තුළට පැමිණ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජන කළ බවත් එහිදී තම ගෙලට සහ දකුණු අතට තුවාල සිදුවූ බවත් ඇය පොලිසියට කර තිබූ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්වේ.
සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
276 Views
Comments