තවත් වසර 14කින් ග්‍රහකයක් නිසා පෘථිවියට වෙන්න යනදේ ගැන අලුත්ම අනාවරණය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

තවත් වසර 14කින් ග්‍රහකයක් නිසා පෘථිවියට වෙන්න යනදේ ගැන අලුත්ම අනාවරණය මෙන්න

තවත් වසර 14කින් ග්‍රහකයක් නිසා පෘථිවියට වෙන්න යනදේ ගැන අලුත්ම අනාවරණය මෙන්න

තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 

 

නාසා ආයතනය මෙසේ පැවැසුවේ, ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් හි  ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සමඟ පැවැත් වූ විශේෂ වැඩමුළුවක් අවසානයේ නිගමනයකට පැමිණෙමිනි.

 

තාරකා විද්‍යාඥයන්, තාරකනා භෞතික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් පමණක් නොව, ඇමෙරිකන් හමුදා අංශ ප්‍රධානීහු ද මෙම වැඩමුළුවට සහභාගී වූහ. ඔවුහු ග්‍රහක සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සහ දත්ත සෙසු පිරිස සමඟ බෙදා ගත්හ.

 

එහිදී පෘථිවියට අසලින් කලින් කලට ගමන් කරන ග්‍රහක සහ ඒවායේ ගමන් මාර්ග පරිගණක ඇසුරින් අධ්‍යයනය කිරීමෙන් පසු පෙනී ගියේ පෘථිවියට අනනතුරක් කළ හැකි ආකාරයේ යෝධ ග්‍රහකයක් 2038 ජූලි 12 වැනිදා පෘථිවිය දෙසට පැමිණෙනු ඇති බවත්, එය පෘථිවියේ හැපීමේ ප්‍රතිශතය සියයට 72 ක් බවත්ය.

 

මෙම ග්‍රහකය නියත වශයෙන්ම පෘථිවියේ හැපෙන්නේ නම්, ග්‍රහකය පුපුරුවා විනාශ කිරීමට හෝ ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමට සැලැසුම් සකස් කිරීමේ වැදගත්කම වැඩමුළුවට එක් වුණු ඇමෙරිකන් හමුදා ප්‍රධානින් පෙන්වා දුන් බව ද පැවැසෙයි.

views

271 Views

Comments

arrow-up