“මම හොඳ ප්‍රගතියක් ලබමින් සිටිමි” - පිළිකාවට ප්‍රතිකාර ගන්න කේට් කුමරියගෙන් සුභ ආරංචියක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

“මම හොඳ ප්‍රගතියක් ලබමින් සිටිමි” - පිළිකාවට ප්‍රතිකාර ගන්න කේට් කුමරියගෙන් සුභ ආරංචියක් (PHOTOS)

“මම හොඳ ප්‍රගතියක් ලබමින් සිටිමි” - පිළිකාවට ප්‍රතිකාර ගන්න කේට් කුමරියගෙන් සුභ ආරංචියක් (PHOTOS)

වේල්ස් කුමරිය, එහෙමත් නැත්නම් කේට් කුමරිය තමන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන හැමෝමත් එක්ක තොරතුරු බෙදාගෙන.

 

ඒ, ඊයේ (ජුනි 14) නිකුත් කරන ලද පණිවුඩයක් මඟින්.

 

ඇය මාර්තු මාසයේදී ඇගේ පිළිකා රෝග විනිශ්චය පිළිබඳව කළ අනාවරණයට පස්සෙ බෙදාගත් 'පළමු සෞඛ්‍ය යාවත්කාලීනයයි' මේ.

 

 

ඊට අනුව, පිළිකා ප්‍රතිකාර මධ්‍යයේ ඇය "හොඳ ප්‍රගතියක් ලබන'' බව සඳහන්.

 

42 හැවිරිදි කේට් කුමරිය, සිය පණිවුඩය ආරම්භ කරලා තිබුණෙම තමා වෙනුවෙන් ලැබෙන "කාරුණික පණිවිඩ" සේරටම ස්තුතිවන්ත වෙමින්.

 

ඇය සඳහන් කරලා තිබුණා, ඒ කාරුණික පණිවුඩ ඇයටත් ඇගේ සැමියාටත් 'දුෂ්කර කාලයක' මහත් උපකාරයක් වුණු බව.

 

නිකුත් කර තිබූ ප්‍රකාශයට අනුව, වේල්ස් කුමරියගේ ප්‍රතිකාර මාස කිහිපයක කාලයක් පවතිනු ඇති.

 

 

කේට් කුමරිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට භාජනය කෙරුණා.

 

පසුව ඇය ගැන කිසිදු කතාබහක් නැති තැන විවිධ වූ ආරංචි පැතිරෙන අතරතුර, මාර්තු 22 වීඩියෝවක් බෙදාගනිමින් ඈ සිය පිළිකා රෝග විනිශ්චය පිළිබඳව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කළා. ඒ වෙනකොටත් ඇය රසායනික චිකිත්සාවන්ට බඳුන් වෙමිනුයි කාලය ගෙවා තිබුණේ.

 

අදාළ වීඩියෝවේදී ඈ අවධාරණය කළා, ඔවුන්ගේ 'තරුණ පවුල' වෙනුවෙන් මෙම අනපේක්ෂිත කාරණාව සම්බන්ධයෙන් කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවට.

 

කොහොම නමුත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය හමුවේ ඉදිරි රාජකීය කටයුතු උදෙසා ඇගේ සහභාගීත්වය, කාගෙත් අවදානයට බඳුන් වුණු කාරණාවක්.

 

 

ඒ අනුව ඇය ඊයේ පළකළ සෞඛ්‍ය යාවත්කාලීනයේ රාජකීයෙකු ලෙස සිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද සඳහන් කර තිබුණා.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

''පසුගිය මාස දෙක තුළ සහයෝගය සහ දිරිගැන්වීම උදෙසා වූ සියලු කාරුණික පණිවිඩවලින් මා පුදුමයට පත් වී සිටිමි.

එය ඇත්තෙන්ම විලියම්ට සහ මට, සමහර දුෂ්කර කාලවලදී මහත් උපාකාරයක් වී ඇත.

මම හොඳ ප්‍රගතියක් ලබමින් සිටිමි.

නමුත් රසායනික චිකිත්සාව හරහා යන ඕනෑම අයෙකු දන්නා පරිදි, හොඳ දින සහ නරක දින තිබේ.

එම නරක දිනවල ඔබට දුර්වල, තෙහෙට්ටුවක් දැනෙන අතර ඔබේ ශරීරය විවේක ගැනීමට ඔබ ඉඩ දිය යුතුය.

නමුත් හොඳ දිනවල, ඔබට ශක්තිමත් බවක් දැනෙන විට ඔබ හොඳ හැඟීමකින් යුතුව උපරිම ප්‍රයෝජන ගැනීම අවශ්‍ය වේ.

මගේ ප්‍රතිකාරයන් සිදුවෙමින් පවතින අතර තවත් මාස කිහිපයක් පවතිනු ඇත.

 

 

මට හොඳටම සනීපයක් දැනෙන දවස්වල පාසල් ජීවිතය සමඟ සම්බන්ධ වීම, මට ශක්තිය සහ ධනාත්මක බව ලබාදෙන දේවල් සඳහා පෞද්ගලික කාලය ගත කිරීම මෙන්ම නිවසේ සිට කුඩා වැඩ කිරීමට පටන් ගැනීම සතුටකි.

මම මගේ පවුලේ අය සමඟ මෙම සති අන්තයේ රජුගේ උපන්දින පෙළපාලියට සහභාගී වීමට බලාපොරොත්තු වන අතර ගිම්හානයේදී පොදු කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි. නමුත් ඒ හා සමානව මම තවමත් 'සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බව' දනිමි.

විශේෂයෙන්ම අවිනිශ්චිතතාවයෙන් යුතුව ඉවසීමෙන් කටයුතු කරන්නේ කෙසේදැයි මම ඉගෙන ගනිමින් සිටිමි.

ඔබේ අඛණ්ඩ අවබෝධය සඳහා බොහෝම ස්තූතියි..''

views

267 Views

Comments

arrow-up