“කැරන්ට අනාගතයේදී සෑම සතුටක්ම ප්‍රාර්ථනා කරමි...” - ඩයනා කුමරියගේ සොයුරු චාල්ස්ගේ විවාහය දෙදරා යයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

“කැරන්ට අනාගතයේදී සෑම සතුටක්ම ප්‍රාර්ථනා කරමි...” - ඩයනා කුමරියගේ සොයුරු චාල්ස්ගේ විවාහය දෙදරා යයි (PHOTOS)

“කැරන්ට අනාගතයේදී සෑම සතුටක්ම ප්‍රාර්ථනා කරමි...” - ඩයනා කුමරියගේ සොයුරු චාල්ස්ගේ විවාහය දෙදරා යයි (PHOTOS)

ඩයනා කුමරියගේ සොහොයුරා වන චාල්ස් ස්පෙන්සර් (Charles Spencer), සිය විවාහයෙන් වසර 13 කට පසු බිරිඳ කැරන් ගෝර්ඩන්ගෙන් (Karen Gordon) දික්කසාද වෙලා.

 

ඒ අනුව ඉතිහාසඥයෙක්, ලේඛකයෙක් සහ විකාශකයෙක් වන 60 හැවිරිදි චාල්ස් ස්පෙන්සර් (9 වැනි අර්ල් ස්පෙන්සර්) විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වලා තිබුණේ මේ ගැන තමන් අතිශයින්ම කණගාටු වන බවක්.

 

“මට අවශ්‍ය වන්නේ මගේ සියලුම දරුවන් සහ මගේ මුණුබුරන් වෙනුවෙන් කැපවීමට.

කැරන්ට අනාගතයේදී සෑම සතුටක්ම ප්‍රාර්ථනා කරනවා...”

 

 

චාල්ස් - කැරන් විවාහය සිද්ද වෙන්නෙ 2011 වසරෙ ජුනිවල. විවාහයෙන් ඔවුන්ට චාලට් ඩයනා නම් 12 හැවිරිදි දියණියක් ද සිටියි.

 

එවකට ඔවුන්ගේ විවාහය ගැන වැඩි කතාබහක් ඇති වෙන්න ගත්තෙ, විලියම් - කේට් රාජකීය විවාහයෙන් මාස දෙකකට පසු ඔවුන්ගේ විවාහ මංගල්‍යයත් සිදුවීම නිසාවෙන්.

 

හොලිවුඩ් නිෂ්පාදකවරයෙක් වන මාර්ක් ගෝර්ඩන් සමඟ වූ පෙර විවාහයෙන් කැරන්ට තවත් දියණියන් දෙදෙනෙකු ඉන්නවා.

 

ඒ විතරක් නෙවෙයි, වික්ටෝරියා ලොක්වුඩ් සහ කැරොලයින් ෆ්‍රොයිඩ් යන දෙදෙනා සමඟ වූ පෙර විවාහ ද්විත්වයෙන් චාල්ස්ටත් තවත් දරුවන් හය දෙනෙක් ඉන්නවා. ඒ කියන්නෙ ඔහු හත් දරු පියෙක්.

 

 

මෑතකදී චාල්ස් ස්පෙන්සර් හෙළිකර තිබුණා, කුඩා කාලයේ දී තමන් ප්‍රභූන් සඳහා වූ පාසලක් වන මේඩ්වෙල් වෙත යන අතරතුර ලිංගික අපයෝජනයට ලක් වූ බවක්.

 

ඔහු ප්‍රථමවරට ඒ හෙළිදරව්ව සිදුකළේ චිකිත්සකයෙකුට බවත් එහිදී සඳහන් කර තිබුණා.

 

ඒ විතරක් නෙවෙයි තමන් විටින් විට පාසලේදී තාඩන පීඩනයන්ට ලක්වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණෙ.

 

''මම හිතන්නේ දෙමාපියන්ට ඒ ගැන දැනුමක් තිබුණේ නැහැ..''

 

 

මේ කතාබහ අතරතුර දී ඔහු 1997 දී මෝටර් රථ අනතුරකින් නැසීගිය සහෝදරිය (ඩයනා කුමරිය) ගැන ද විවෘතව අදහස් දක්වා තිබුණා. ඒ ඇය තමන්ට සිටි සමීපතම පුද්ගලයා හැටියට හුවා දක්වමින්.

 

“අපිට ගොඩක් වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරයෙක් මිය ගියා.

ඊට පස්සේ ඩයන‍යි මමයි ගොඩක් සමීප වුණා...”

 

views

260 Views

Comments

arrow-up