රංගන ශිල්පි රොෂාන් රණවනගේ ආදරණීය මෑණියන් දිවිසැරිය නිම කරයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

රංගන ශිල්පි රොෂාන් රණවනගේ ආදරණීය මෑණියන් දිවිසැරිය නිම කරයි (PHOTOS)

රංගන ශිල්පි රොෂාන් රණවනගේ ආදරණීය මෑණියන් දිවිසැරිය නිම කරයි (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් රණවනගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මෑණියන්ගේ වියෝව පිළිබඳව රොෂාන් රණවන සිය ෆේස්බුක් ගිණුම තුළ සටහනක් තබා තිබුණා.

 

ඔහු එහි සඳහන් කර තිබුණේ, ගෙවුණු කාලපරිච්ඡේදය තුළ සිය පවුල සමඟ සංවේගය බෙදාගත් සියලුදෙනාට ම ස්තූතිවන්ත වන බවයි.

 

එමෙන්ම මවගේ අවසන් කැමැත්ත ලෙස අවමංගල්‍ය කටයුතු පැය 24 කින් අවසන් කළ යුතු වූ බැවින්, යම්කිසි අයෙකුට පිළිතුරු දීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූවා නම් සමාවන ලෙසත් රොෂාන් සිය සටහනෙහි සඳහන් කර තිබුණා.

 

කරුණාව, සිනහව සහ ප්‍රීතිය පිරුණු මතකයන් තිළිණ කළ ආදරණීය මවකගේ පුතෙකු වීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් වන බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

 

 

 

 

 

 

views

461 Views

Comments

arrow-up