ලොව ප්‍රකට “ශ්‍රෙක්” චිත්‍රපට මාලාවේ බූරු පැටියාගේ චරිතයට ආදර්ශ කරගත් “පෙරී” මෙලොවින් සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

ලොව ප්‍රකට “ශ්‍රෙක්” චිත්‍රපට මාලාවේ බූරු පැටියාගේ චරිතයට ආදර්ශ කරගත් “පෙරී” මෙලොවින් සමුගනී

ලොව ප්‍රකට “ශ්‍රෙක්” චිත්‍රපට මාලාවේ බූරු පැටියාගේ චරිතයට ආදර්ශ කරගත් “පෙරී” මෙලොවින් සමුගනී

ලොවපුරා ලොකු කුඩා කවුරු අතරත් අතිශය ජනප්‍රිය වූ, Shrek චිත්‍රපට මාලාවේ බූරු පැටියාගේ චරිතය නිර්මාණයට ආදර්ශ කරගත් ‘පෙරී’ (Perry) නම් සත්ත්වයා අවසන් ගමන් ගොස් තිබෙනවා.

 

මිය යන විට පෙරීගේ වයස අවුරුදු 30ක් වුණු බව සඳහන්.

 

කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ප්‍රදේශයේ බැරන් පාර්ක් හි ප්‍රජාව විසින් පවත්වාගෙන යනු ලබන තණබිම් ආශ්‍රිතව ජීවත් වූ මෙම සත්ත්වයා එහිදී ම මිය ගිය බවයි, පෙරීගේ භාරකරු ලෙස කටයුතු කරන ජෙනී කිරත්ලි සඳහන් කර තිබුණේ.

 

පෙරී කලක් තිස්සේ ‘ලැමිනයිටිස් නම් වේදනාකාරී කුර රෝගයකින්’ පෙළීම මරණයට හේතුව විය හැකි බව සඳහන්.

 

ලොවක් වසඟයට ගැනීමට පාදක වූ පෙරීගේ අවසන් කටයුතු ගෞරවාන්විත අන්දමින් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

 

පෙරී, ඉහත සඳහන් කළ තණබිම් වෙත රැගෙන විත් ඇත්තේ, 1997 දී යි.

 

 

‘ෂ්රෙක් බූරු පැටියා’ ලෙස ප්‍රසිද්ධ වීමට පෙර සිටම, පෙරී කෙරෙහි බොහෝ පිරිස් දැඩි ඇල්මක් දැක්වූ බව කියවේ.

 

ජෙනී කිරත්ලිට අනුව, එඩී මර්ෆි විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ෂ්රෙක් හි බූරු පැටියාගේ සියුම් හැසිරීම් සියල්ල පෙරීගෙන් ලත් ආභාෂයන් වේ.

 

 

ජෙනී සඳහන් කරන්නේ, Shrek හි සජීවිකරණ ශිල්පියෙකු බැරන් පාර්ක් අසල ජීවත් වූ බවත් ඔහුගේ බිරිඳ හරහා පෙරී ගැන දැන සිටි බවත් ය.

 

අනතුරුව ඔහු ඩ්‍රීම්වර්ක්ස් සජීවිකරණ ශිල්පීන් කණ්ඩායමක් සමඟවිත්, පැය කිහිපයක් පුරා පෙරීගේ හැසිරීම් නිරීක්ෂණය කළ බව සඳහන්.

 

Barron Park Donkeys නිල Instagram සටහනකට අනුව පෙරී වෙනුවෙන් අනුස්මරණයක් සිදුකිරීමට ද නියමිතය.

views

205 Views

Comments

arrow-up