වසර 8කට වැඩි නීතිමය අරගලයකින් පසු සුපිරි බොලිවුඩ් තරු යුගලය දික්කසාදයට අත්සන් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

වසර 8කට වැඩි නීතිමය අරගලයකින් පසු සුපිරි බොලිවුඩ් තරු යුගලය දික්කසාදයට අත්සන් තබයි

වසර 8කට වැඩි නීතිමය අරගලයකින් පසු සුපිරි බොලිවුඩ් තරු යුගලය දික්කසාදයට අත්සන් තබයි

හොලිවුඩ් තරු යුවළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී ඔවුන්ගේ දික්කසාදය සඳහා එකිනෙකා එකඟව ඇති බව වාර්තා වනවා.

 

ඒ, ඇන්ජලිනා ජොලී විසින් ඔවුන්ගේ විවාහය අවසන් කිරීමට ගොනුකළ දික්කසාදයට වසර අටකට පසුව ලද ප්‍රතිචාරයක් ලෙසයි.

 

ඇන්ජලිනාගේ නීතීඥයින්ට අනුව, 49 හැවිරිදි ඇය සහ 61 හැවිරිදි බ්‍රැඩ් පිට් දෙසැම්බර් 30 සඳුදා ඔවුන්ගේ දික්කසාදයට අත්සන් තබන ලද බව සඳහන්.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇන්ජලිනාගේ නීතීඥයින් ප්‍රකාශ කර තිබුණේ, වසර අටකට පෙර ආරම්භ වූ දීර්ඝ අඛණ්ඩ ක්‍රියාවලියකින් ඇය මහත් වෙහෙසට පත්ව ඇති බවයි.

 

ඇයගේ පාර්ශ්වයෙන් අදහස් දැක්වූවද බ්‍රැඩ් පිට් වෙනුවෙන් කිසිවෙක් අදහස් දක්වා නොතිබීම ද විශේෂය.

 

 

ඇන්ජලිනා – බ්‍රැඩ් පිට් විවාහය සිදුවන්නේ, 2014 වසරේදී යි.

 

යුවළට දරුවන් හය දෙනෙකු සිටින අතර විනෝදාස්වාද ක්‍ෂේත්‍රය තුළ යුවළ හඳුන්වනු ලබන්නේ ‘Brangelina’ මැයෙනි.

 

එලෙස අතිශය ජනප්‍රිය වූ යුවළ, 2016 දී දික්කසාදය සඳහා කටයුතු කරමින් පවතින බවකි වාර්තා වූයේ.

 

එලෙස දික්කසාදය ගොනු කර තිබුණේ ඇන්ජලිනාගේ පාර්ශ්වයෙන් වන අතර ඇය හුවා දක්වා ඇත්තේ එම වසරේ පුද්ගලික ජෙට් යානයකදී පිට් තමාට සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු අරඹයා අයුතු ලෙස ක්‍රියා කළ බවයි.

 

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකින් පසු බ්‍රැඩ් පිට් හට චෝදනා එල්ල නොවූ අතර එම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළ බව සඳහන්.

 

දික්කසාද‍ය පමණක් නොව පසුව ඔවුන් දෙදෙනා ‘ළමා භාරකාර අරගලයක’ පැටලී ඇති බවත් ඔවුන් 2008 දී එකට මිලදී ගත් ප්‍රංශ මිදි වත්තක් සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇති විය.

views

171 Views

Comments

arrow-up