“ඒ ඔක්කොමත් එක්ක මම ටික ටික දේවල් 2025දී අත අරින්න පුරුදු වෙනවා” - යුරේනිට ඇත්තටම මේ මොකද වුණේ?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

“ඒ ඔක්කොමත් එක්ක මම ටික ටික දේවල් 2025දී අත අරින්න පුරුදු වෙනවා” - යුරේනිට ඇත්තටම මේ මොකද වුණේ?

“ඒ ඔක්කොමත් එක්ක මම ටික ටික දේවල් 2025දී අත අරින්න පුරුදු වෙනවා” - යුරේනිට ඇත්තටම මේ මොකද වුණේ?

2025 වසරේදී අතහැරීම ප්‍රගුණ කිරීමට උත්සහ කරන බව ජනප්‍රිය රංගන ශිල්පිනි යුරේණි නෞෂිකා පවසනවා.

 

ඇය මේ බව ප්‍රකාශ කළේ, පෞද්ගලික YouTube නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

 

“අපි හැමෝම කාලය සමග පරිණත වෙනකොට, මම මීට අවුරුදු දෙකක සිට වගේ විශ්වයට කියනවා මට දේවල් අතහරින්න උගන්නන්න කියලා.

2024 හුඟක් වැඩවලින් කාර්යය බහුලයි. ආර්ථිකය අතින් ශක්තිමත්වුනා තවත්. ඒ ගැන ගොඩක් සතුටුයි. නමුත් අර කියන්නේ මිනිස්සුන්ට ජීවිතේ හැමදේම දෙවියෝ දෙන්නෙ නැහැ.

එක පැත්තකින් මේ විදිහට උඩට උස්සනකොට අනිත් පැත්තෙන් වට්ටනවා. Emotionally ගත්තොත් Emotionally Challenge වුණ අවුරුද්දක් 2024.

මම හැම තිස්සෙම හිතපු කාරණයක් තමයි Emotionally මනුස්සයෙක් වැටෙන කොට මං ගොඩක් අධ්‍යාත්මික පැත්තට බර කෙනෙක්.

ඉතිං මගේ පුහුණුවීම්වල මම ඉගෙන ගන්න දෙයක් තමයි අපි කරපු දේවල් කර්මය… අපි සංසාරේ මොනවා කරලා තියෙනවද දන්නෙ නැහැනේ…

හොඳ වගේම නරක කරලා ඇතිනේ. ඉතිං Emotionally Drained වෙනකොට මම හිතහදාගන්නේ මේ මගේ Cleansing මේ මගේ කර්මය මොකක් හරි මං කරපු දේවල් ගෙවිලා යන කාලය කියලා.

2024 මම දකින්නේ මගේ Career එක මගේ ආර්ථිකය ඉහළ නැංවෙනකොට ඒ හා සමානව මගේ අකුසල් ගෙවුනා කියලා. ඒක හොඳයි.

ඒ ඔක්කොමත් එක්ක තමා මම ටික ටික දේවල් 2025 අත අරින්න පුරුදු වෙනවා.  එතකොට ජීවිතේට ඇලී ගැලී නැතුව තව සැහැල්ලුවක් ජීවිතේට දැනෙනවා.”

views

197 Views

Comments

arrow-up