දියණියන්ව වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගුරු අංශවලට යවා අවුරුදු 97දී පශ්චාත් උපාධිය ලබාගත් “ලීලාවතී” අම්මා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

දියණියන්ව වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගුරු අංශවලට යවා අවුරුදු 97දී පශ්චාත් උපාධිය ලබාගත් “ලීලාවතී” අම්මා (PHOTOS)

දියණියන්ව වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගුරු අංශවලට යවා අවුරුදු 97දී පශ්චාත් උපාධිය ලබාගත් “ලීලාවතී” අම්මා (PHOTOS)

ඉගෙනගන්න වයස බාධාවක් නෙවෙයි කියන කාරණයට උදාහරණ, ඔබ ඕනෑ තරම් අහලා දැකලා ඇති.

 

වයස විතරක් ම නෙවෙයි ඉගෙනීමට අන් කිසිවක්ම බාධාවක් වෙන්නෙ නෑ, ඔබ තුළ නොසැලෙන උත්සාහය, වුවමනාව සහ කැපවීම කියන ගුණාංග පිහිටලා තියෙනවා නම්.

 

අපි මේ කියන්න යන්නෙත්, උත්සාහය සහ එකම අරමුණක පිහිටා කටයුතු කිරීම නිසාවෙන් මෑතකාලීනව කාගෙත් කතාබහට ලක්වුණු සුවිශේෂී චරිතයක් ගැන.

 

ඈ නමින් විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න. ලීලාවතී අම්මා මේ ගෙවන්නෙ සිය දිවියේ 97 වැනි වසර.

 

ඇගේ 97 වැනි වසර වඩාත් සුවිශේෂී එකක් වුණේ ඇය පසුගිය දා (අගෝස්තු 21) සිය පශ්චාත් උපාධිය ලබාගැනීමත් එක්ක.

 

ඒ අනුව ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පැවති 143 වැනි මහා උපාධි ප්‍රධානෝත්සවයේදී ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා.

 

 

ලීලාවති අම්මා කෙතරම් දක්ෂ, උගත් කාන්තාවක් ද යන්න විශේෂයෙන් පැහැදිලි කළ යුත්තක් නෙවෙයි. නමුත් කිව යුතුම කාරණාව නම්, ඇය ගමන් කළ මාවත ලේසි පහසු එකක් නොවුණු වග.

 

ලීලාවතී අම්මා මේ විදියට දිගු ගමනක් ඇවිත් පසුගියදා වයස අවුරුදු 97දී පශ්චාත් උපාධිය ලබාගත්තේ, සිය දියණියන්වත් උපාධිධාරිණියන් කරලා.

 

 

ඒ විතරක් නෙවෙයි ඔවුන් අද වෛද්‍ය, ඉංජිනේරු, නීති සහ ගුරු ක්ෂේත්‍ර නියෝජනය කරන යහපත් වෘත්තිකයින්.

 

තවත් විශේෂ කාරණයක් නම් ඇය, දරුවන්ගේ සම්පූර්ණ බර තම කරට ගත් දිරිය මවක් වීම.

 

මන්ද, විවාහයෙන් අවුරුදු 7ක් වූ තැන ලීලාවතී අම්මා දියණියන් හතරදෙනෙකු එක්ක තනි වෙන්නෙ සිය සැමියා මිය යාම නිසාවෙන්.

 

 

ජීවිතේ දුෂ්කර ම කාල වකවානු පසු කළත් තමන්ගේ ඉගෙනුම් අරමුණු පසෙක නොදැමූ ඇය, කෙතරම් නම් උත්සාහවන්ත විය යුතුද.

 

මේ, ඒ අඩම්බරකාර කතාව ගැන ඇගේ දියණියක තබා තිබූ සොඳුරු සටහනක්...

 

''මගේ අම්මා

වයස අවුරුදු 97ක්

තාත්තා මිය ගියාම ගෑනු ලමයි හතර දෙනෙක් එක්ක විවාහයෙන් අවුරුදු 7ක් යද්දී තනිවුනා.

නීති විද්‍යාලෙන් ආපහු ගෙදර ඇවිත් අපිට උගන්නන්න මුල් තැන දුන්නා. අපට සියලු පහසුකම් දුන්නා.

අපි PHD ඇතුළු පශ්චාත් උපාධි ධාරීන් උනා.

වෛද්‍ය ඉංජිනේරු නීති ගුරු අංශ වල ආචාර්ය මහාචාර්ය වරුන් උනා

මං බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

සමුද්‍රා බැලරට් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය වරියක්

ඉන්ද්‍රනීලා උපාධි ධාරී ගුරුවරියක්

මනෝහරී නීතිඥ වරියක් රාජ්‍ය සම්මාන දිනූ ගත් කතු වරියක්

 

 

ඔයහැමදේම අස්සෙ අම්මා පොත් පත් පරිශීලනය කලා.

සිංහල ඉන්ග්‍රීසි දෙමල පාලි හින්දි සංස්කෘත හාශා වල නිපුනත්වයට පැමිනුනා

සියලු ආකාරයේ හස්ත කර්මාන්ත වල අති දක්ශ උනා බීරලු තැටින් නිටිං ක්‍රොචේ එම්බ්‍රොයිඩරි චිත්‍ර ආදී බොහෝ දේවල් කලා.

ජීවිතේ කරදර පැමිණි වෙලාවල් වල ගැහැනු කම ඉක්මවා එඩිතර පිරිමියෙක් වගේ වැඩ කලා

හැකි හැමවිටම බොහෝ අයට මුදලින් ඉඩකඩම් දේපල වලින්, දැනුමින් හා හැකි හැම විදිහට ම උදව් කලා.

දරුවො ඈතට යනකොට උපේක්ශා සහගතව අධ්‍යාපන කටයුතුවල යෙදුනා.

වයස 95දී උපාදියත් 97දී පශ්චාත් උපාධිය ත් ලබා ගත්තා.

අපේ උපාධි උත්සව වලට ආඩම්බරෙන් ආව අම්මගෙ උපාධි උත්සවයට අපි හතර දෙනා ආවෙ මොනරු වගේ ආඩම්බරෙන්.

හැම ලමයෙකුටම නොලැබෙන ගාම්භීර අවස්තාවක් අම්මා අපිට දුන්නා.

අම්මාගේ කතාව හැමෝටම විශේෂයෙන් ගැහැනු අපට ආදර්ශයක්

ආදරෙයි අම්මා ''

 

 

 

 

views

380 Views

Comments

arrow-up