“නිදාගන්නෙ පාන්දර පහට. දවසට කන්නෙ එක වේලයි...” - ෂාරුක් වගේ වෙන්න නම්, මේ දේවල් කරන්න වෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

“නිදාගන්නෙ පාන්දර පහට. දවසට කන්නෙ එක වේලයි...” - ෂාරුක් වගේ වෙන්න නම්, මේ දේවල් කරන්න වෙනවා

“නිදාගන්නෙ පාන්දර පහට. දවසට කන්නෙ එක වේලයි...” - ෂාරුක් වගේ වෙන්න නම්, මේ දේවල් කරන්න වෙනවා

ගොඩක් අය ආසයිනෙ ෂාරුක් ඛාන් වගේ වෙන්න.

 

රූපය ,දක්ෂතාවය, ඔහු ලබන රසික ආකර්ෂණය සහ ආදරය කියන මේ දේවල් තමන්ටත් ලැබෙනවා නම් කියලා හිතන අය සෑහෙන්න අපි අතරම ඉන්නවා.

 

ඔන්න එහෙම බොලිවුඩයේ රජු වගේ වෙන්න සිහින දකින අය වෙනුවෙන්, ඔහුගේ ජීවන රටාවේ ඔබ නොදත් කාරණා ටිකක් ගැන කතා කරන්න අපි හිතුවා.

 

ඒ, ෂාරුක් මෑතකදී විවෘතවම සිය ජීවන රටාව ගැන බෙදාගත් අදහස් කිහිපයක් එක්ක.

 

ෂාරුක් කියන්නෙ කාලසටහනකට අනුව වැඩ කරන කෙනෙක්. එහෙම නොවෙන්න ඔහු බොලිවුඩයේ රජු නොවී ඉන්නත් තිබුණා නේද...

 

ඒ කාලසටහනට අනුව ඔහු බොහෝ විට නින්දට යන්නෙ පාන්දර 5 ට. එහෙම නින්දට යන ෂාරුක් අවදි වෙන්නෙ උදෑසන 9ට හෝ 10 ට කියලා තමයි කියන්නෙ.

 

සාමාන්‍යයෙන් සිය වැඩ කටයුතු අවසන් වෙන්නෙ අළුයම 2 ට පමණ නිසා නිවසට පැමිණි වහාම, නින්දට යාමට පෙර ව්‍යායාම කිරීමට කාලය වෙන්කරන බවයි ඔහු විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණෙ.

 

ගෙවුණු වසංගත සමයේ නම් මේ කාලසටහන මදක් වෙනස් කරගන්න ඔහුට සිදු වෙලා තියෙනවා.

 

ඒ අනුව වැඩි කාලයක් ඉතාලි ඉවුම් පිහුම් ක්‍රම ඉගෙන ගැනීමට සහ ව්‍යායාම කිරීමට වෙන් කළා කියලයි ෂාරුක් සඳහන් කරලා තිබුණෙ.

 

තමන් ගන්න ආහාර රටාව ගැනත් ඔහු මෙහිදී සඳහන් කරලා තිබුණා.

 

ඊට අනුව ෂාරුක් කියන්නෙ, තමන් දිනකට එක් ආහාර වේලක් පමණක් ගන්නා බව.

views

2427 Views

Comments

arrow-up