“ලස්සන කාන්තාවක් තෝරා ගැනීම වැරදි යැයි මම නොසිතමි” - ලොව වයස්ගතම රූ රැජින ලෙස කිරුළු දැරීමට, 60 හැවිරිදි මරීසා දුටු සිහිනය බොඳවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

“ලස්සන කාන්තාවක් තෝරා ගැනීම වැරදි යැයි මම නොසිතමි” - ලොව වයස්ගතම රූ රැජින ලෙස කිරුළු දැරීමට, 60 හැවිරිදි මරීසා දුටු සිහිනය බොඳවෙයි

“ලස්සන කාන්තාවක් තෝරා ගැනීම වැරදි යැයි මම නොසිතමි” - ලොව වයස්ගතම රූ රැජින ලෙස කිරුළු දැරීමට, 60 හැවිරිදි මරීසා දුටු සිහිනය බොඳවෙයි

මරීසා රොඩ්‍රිගස් (Alejandra Marisa Rodriguez)..

 

පහුගිය කාලයේ ඇය ගැන වඩාත් කතාබහට ලක්වුණේ, මිස් යුනිවර්ස් කිරුළක් සඳහා තරගවදින පළමු 60 හැවිරිදි කාන්තාව හැටියට.

 

ඒ අනුව ඈ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි (Buenos Aires) පැවති විශ්ව රූ රැජින කිරුළ සඳහා කෙරෙන තේරීම් තරගයෙන් ''බුවනෝස් අයර්ස් රූමතිය'' ලෙස කිරුළු පළඳින්න සමත්කම් දැක්වූවා.

 

එලෙස ඇය ලොවක අවදානය දිනාගන්නේ "වෙනසක පළමු පියවර" තැබූ නිර්භීත කාන්තාවක් ලෙස.

 

 

කෙසේ නමුත් ඈට එළඹෙන සැප්තැම්බරයේදී මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත මෙවර විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා.

 

ඒ, සෙනසුරාදා (25) පැවති 'ආර්ජන්ටිනා රූ රැජින' තේරීමේ තරගය ජයග්‍රහණය කිරීමට ඈ සමත්කම් නොදැක්වීම හේතුවෙන්.

 

නමුදු තරග ඛාණ්ඩ කිහිපයක් යටතේ පැවති එම තරගාවලියේ “best face” ලෙස අනු තරග ඛණ්ඩයක ජය තමන් සතු කරගැනීමට මරීසා සමත්කම් දක්වා තිබුණා.

 

වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් සේම නීතිඥවරියක් ද වන මරීසා රොඩ්‍රිගස් තරගය අවසානයේ අදහස් දක්වා තිබුණේ “මෙය එළඹෙන වෙනසක පළමු පියවරයි” යනුවෙන්.

 

''මම හිතන්නේ බාහිර අලංකාරය කෙරෙහි සෑම විටම ප්‍රධානව අවධානය යොමු කරන බව.

 

ලස්සන කාන්තාවක් තෝරා ගැනීම වැරදි යැයි මම නොසිතමි,

 

නමුත් සමහර විට අලංකාරය පිළිබඳ සංකල්පය පුළුල් විය යුතුය... ”

 

 

තරගයේ පිහිනුම් ඇඳුම් තරග ඛාණ්ඩය සඳහා මරීසා සළුවක් ද භාවිත කරමින් තනි ඇඳුමක් තෝරා ගැනීම කාගෙත් කතාබහට ලක්ව තිබුණා.

 

 

මරීසා හට මෙයාකාරයෙන් මෙවර විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත්වීමේ හැකියාව නිර්මාණය වූයේ ,විශ්ව රූ රැජින සංවිධානය වයසට අදාළ නීති වෙනස් කිරීමෙන් පසුවයි.

 

ඒ අනුව එය තවදුරටත් වයස් සීමාවන් නොමැති අවකාශයක් වන බවට ගියවර (2023 සැප්තැම්බර් මාසයේදී) ප්‍රකාශ කර තිබුණා.

 

මීට ඉහත තරගය නියෝජනය කළ හැකිව තිබුණේ, වයස අවුරුදු 18 - 28 අතර කාන්තාවන්ට පමණි.

 

 

සෙනසුරාදා පැවති තරගයේ ආර්ජන්ටිනා රූ රැජින ලෙස කිරුළු පැළඳියේ මාගලි බෙනෙජම් (Magali Benejam) නැමැති 29 හැවිරිදි රූමතියයි.

 

ඈට ද එලෙස තරගය ජයගැනීමට හැකි වූයේ මෙවර විශ්ව රූ රැජින සංවිධානය විසින් කළ තරග නීති වෙනස්කම් නිසාවෙනි.

 

 

views

3503 Views

Comments

arrow-up