පුතාගේ උපන් දිනයට ගුරු මවක් ගංජා සාදයක් දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

පුතාගේ උපන් දිනයට ගුරු මවක් ගංජා සාදයක් දමයි

පුතාගේ උපන් දිනයට ගුරු මවක් ගංජා සාදයක් දමයි

ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විසින් ඇගේ පුත්‍රයාගේ උපන්දිනය හේතුවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වැල්ලවත්ත පොලිසිය විසින් වටලා ඇත.

 

එහිදී ගුරු මව, ඇගේ දරුවන් දෙදෙනා සමග තරුණ තරුණියන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සන්තකයේ තිබී අයිස්, ගංජා සහ මත් පෙතිද සොයාගෙන ඇත. තරුණ තරුණියන් පිරිසක් නිවසක් තුළ මත්පැන් පානය කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව සඳහන්.

 

අත්අඩංගුවට ගත් මවගේ වයස අවුරුදු 42ක් වන අතර සෙසු පිරිස අවුරුදු 18 ත් 20 ත් අතර විය.

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

17516 Views

Comments

arrow-up