උපාධිය හදාරා උපාධිදාරී කොන්දොස්තර මහත්තයෙක් වුණු ගෝලයා ගැන ගුරු හාමුදුරුවො කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

උපාධිය හදාරා උපාධිදාරී කොන්දොස්තර මහත්තයෙක් වුණු ගෝලයා ගැන ගුරු හාමුදුරුවො කියූ කතාව

උපාධිය හදාරා උපාධිදාරී කොන්දොස්තර මහත්තයෙක් වුණු ගෝලයා ගැන ගුරු හාමුදුරුවො කියූ කතාව

මේ හීන බොඳ වුණු පරම්පරාවක කෙනෙක් ගැන කතාවක්. 


ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ හැමෝම හීන දැක්කේ විශ්වවිද්‍යාලයට යන්න.. විශ්වවිද්‍යාලයට ගිහින් හීන දැක්කේ හොඳ රස්සාවක් කරන්න... ඒත් ඒ රස්සාව කොන්දොස්තර රස්සාව වෙයි කියලා හිතාගන්න පුළුවන්ද?

 

පවතින රැකියා ගැටලුව වගේම ආර්ථික අර්බුද නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී තරුනයෙක් බස් රථයක කොන්දොස්තරවරයෙක් හැටියට රැකියාව තෝරාගෙන. 

 

දවසක් මේ අපූරු තරුණයාට විශ්වවිද්‍යාලයේදී තමන්ට උපන්වපු ගුරු නාමුදුරුනමක් බසයේදී මුනගැහෙනවා. 

 

ඒ ගුරු හාමුදුරු නම ඔහුගේ ඡායාරූප කීපයක් එක්ක ඔහුගේ කතාව ලියා සමාජ මාධ්‍යවල පළ කරනවා. 

 

මේ ඔහුගේ කතව විතරක් නෙමෙයි. හීන බොඳ වුණු සමස්ත තරුන පරමොපරාවේම කතාවයි...

 

"ඊයේ මං බුත්තල සිට බඩල්කුඹුරේ ගියා බස් එකේ... මීට අවුරුදු 09 කට පෙර මගෙන් ඉගෙනගත්ත
ශිෂ්‍යයෙක්... හරිම නිරහංකාර ,අනතිමානී, උත්සාහවන්ත කෙනෙක්.... කැළණිය විශ්වවිද්‍යාලයේ
උපාධිය හදාරා දැන් උපාධිදාරී කොන්දොස්තර මහත්තයෙක්.... ඇත්තටම මං පුද්ගලිකව දන්නවා
ඉගෙනගන්න කාපු කට්ට මේ ළමයා... ලොකු සිහින මවාගෙන ඉගෙනගන්න ඇති ,නිදි මරාගෙන පාඩම්කරන්න
ඇති. කොන්දොස්තර රැකියාව වැඩැක් නෑ නොකියමි... නමුත් මේ සිදුවීම තුළ අමුතු කියවීමක්
තියෙනවා.... ඔෆිස් වලට වෙලා නිකං ඉන්නවට වඩා මේ රැකියාව හොදයි තමා... නමුත් කෝ
උගත්කමට වටිනාකමක්. කෝ මේ දරුවන්ගේ ලෝකය... සී.ටී.බී.එකේ නූගත් ඈයෝ මුල් පුටුවල වැජබෙනකොට
උගත් බුද්ධිමතුන් ගේ හැකියා බස් එකක් ඇතුළේ හිරවෙලා.... කෝ මේ ළමයාගේ සිහින ලෝකය...
හොදටම කෙට්ටුවෙලා ඝණ්දෙවි රූපේ .. පාළුයි සිහින විමානේ.... පාළුයි සිහින විමානේ....

 

- උපුටා ගැනීම මිගහමඩ දම්මානන්ද ස්වාමීන් වහන්සේ..

views

338 Views

Comments

arrow-up