“මම වගකීමෙන් කියනවා මොහු තමයි අපේ පරම්පරාවේ සකල කලා වල්ලභ” - රන්ජන් ජැක්සන් ගැන කියූ කථාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

“මම වගකීමෙන් කියනවා මොහු තමයි අපේ පරම්පරාවේ සකල කලා වල්ලභ” - රන්ජන් ජැක්සන් ගැන කියූ කථාව (VIDEO)

“මම වගකීමෙන් කියනවා මොහු තමයි අපේ පරම්පරාවේ සකල කලා වල්ලභ” - රන්ජන් ජැක්සන් ගැන කියූ කථාව (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන රන්ජන් රාමනායක 1818 නැමැති චිත්‍රපටය හා සමගාමීව පැවැති රැස්වීමක් අමතා හදිසි අනතුරකින් පසු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්මා පිළිබඳව තම අදහස් දැක්වීය.



"මට මතකෙට එනවා විජය නන්දසිරි මහත්මයගේ මරණ ගෙදර. ඉතාම ලස්සනට කතා කරනවා කථිකයෝ. ඒත් ඒ කතා කරන්නෙ මිනියට. විජේ අයියට ජීවිත කාලෙට ඇහෙන්න හම්බුනෙ නැහැ. ඒක තමයි ලංකාවේ තියෙන කුහකත්වය.

ඇත්තෙන්ම ජැක්සන් ඇන්තනීට මම ඉරිසියයි. ඔහුගේ ෆිල්ම් එකක් එද්දී මගේ ෆිල්ම් එකක් එක්ක තරඟෙට මම ඇත්තටම බයයි.

ඔහුගේ රංගනයට මම බයයි. සකල කලා වල්ලභ වගේ චරිතයක් මට මතක් වෙන්නෙ. මට හිතා ගන්නවත් බැහැ ඒ මෙමරි පවර් එක. අප දෙදෙනා පක්ෂ දෙහෙක ඉන්නේ. මේ කුලකේ අපිට කියන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ජැක්සන්ට නමක් දාලා තියෙනවා පනා පුත්‍ර කුහුඹු පැණියා. ජැක්සන් ඈන්ට් හනී. මට සමහර අධ්‍යක්ෂවරු බැණලා තියෙනවා 'අයියෝ මේක හරියට කරන්නකෝ ජැක්සන් වගේ කරන්නකෝ' කියලා.

මම වගකීමෙන් කියනවා මොහු තමයි අපේ පරම්පරාවේ සකල කලා වල්ලභ. ඔහු එක්ක හැරෙන්නවත් බැහැ. මෙවැනි නළුවෙක් ඉතිහාසයේ නෑ. සියළු දේවල් කළා මේ කෙටි කාලය තුළ. ඒ වගේම මහා ගවේෂකයා. නොකරපු මඟුලක් නෑ කියන එක මට කියන්න තියෙන්නෙ. මොන වගේ කතාවක් කිව්වත් ඒකට බනින්න බෑ, මේ මනුස්සයා හොදට ඇක්ට් කරලා තියෙනවනේ.

මම ඒකාලේ නම් චරිත ඉල්ලගෙන අධ්‍යක්ෂවරුන් පස්සේ ගිහිලා තියෙන්නෙ. දැන් ඉන්න වාතාවරණය ඇතුළේ ඉල්ලන්න බෑ. නමුත් ඔහුට හැඟෙන්න ඕනේ මං මේ මොකක්ද කියන්නෙ කියලා. මං බලන් හිටියා මේ චිත්‍රපට කරද්දී දුරකථන ඇමතුමක් එයි කියලා. ආවේ නෑ. මට ඒ ගැන ලොකු කණගාටුවක් තියෙනවා." 

 

 

views

377 Views

Comments

arrow-up