මුරලිගේ ජීවිත කතාව 800 චිත්‍රපටය විරෝධතාවලින් පසු නළුවා මාරු කර නැවත කරළියට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

මුරලිගේ ජීවිත කතාව 800 චිත්‍රපටය විරෝධතාවලින් පසු නළුවා මාරු කර නැවත කරළියට

මුරලිගේ ජීවිත කතාව 800 චිත්‍රපටය විරෝධතාවලින් පසු නළුවා මාරු කර නැවත කරළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ උපන් දිනය ඊයේ 17 සඳුදාට යෙදී තිබුණ අතර ඒ හා සමගාමීව ඔහුගේ ජීවන චරිතාපදානයක් වන ‘800‘ චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින්  චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළිදක්වන ලදී.

 

Slumdog Millionaire කීර්තිමත් නළු Madhurr Mittal විසින් මුරලිදරන් ගේ චරිතය නිරූපණය කරනු ලබන අතර එය මීට පෙර නළු විජේ සේතුපති විසින් නිරූපණය කිරීමට නියමිතව තිබුණි.
එම්එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන ලද, 800 - ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මුත්තයියා මුරලිදරන් ලබාගත් වාර්තාගත කඩුලු සංඛ්‍යාව පිළිබඳ සඳහනක් සමග එළිදකිනු ඇත.

 


දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂාවලින් සිනමා ශාලාවල නිකුත් කිරීමටද නියමිතය. සෝනි මියුසික් සවුත් හි නිල ට්විටර් පිටුව චිත්‍රපටයේ පළමු පෙනුම පෝස්ටරය පළ කර තිබුණි.
Slumdog Millionaire හි සලීම් මලික් ලෙස  වඩාත් ප්‍රසිද්ධ වූ නළු Madhurr Mittal, සිය Instagram ගිනුමෙහි විශාල තිරය සඳහා මුරලිදරන් ලෙස රඟපාන්නට ලැබීම ගැන තමා සතුටට පත් වූ බව සටහනක් යොදා ඇත.

 

2020 දී, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට විජේ සේතුපති තෝරාගත් නමුත් දෙමළ ජාතිකවාදීන් සහ තමිල්නාඩුවේ සිනමා පෞරුෂයන් සහ දේශපාලනඥයින් කොටසකගේ විරෝධතා එයට එල්ල විය.

 


ඔවුන් කියා සිටියේ ක්‍රීඩක මුරලිදරන් එල්ටීටීඊය සමඟ පැවති සිවිල් යුද්ධයේදී ලංකාණ්ඩුව පැත්ත ගත් බවත් දෙමළ ජනයාට සහය නොදැක්වූ බවත්ය. විජේ සේතුපති මුරලි ලෙස එහි රඟපාන්නට ගියහොත් ඔහුගේ දේපළ ගිනිබත් කරන බවට දෙමළ ජාතිකවාදීන් අනතුරු අඟවා තිබුණි.

 


 පසුව, නළුවා චරිතාපදානයෙන් ඉවත් වීමට තීරණය කළේය.සේතුපති ගත් තීරණය සම්බන්ධයෙන් චිත්‍රපටය ආන්දෝලනයකට ලක් විය.
මුත්තයියා මුරලිදරන් තමාගේ නිර්දෝෂීභාවය පැහැදිලි කිරීමට උත්සාහ කළත්, එම ප්‍රයත්නය සාර්ථක නොවීය.

 


Slumdog Millionaire කීර්තිමත් නළු Madhurr Mittal මෙම චරිතයට පිවිසෙන්නේ ඉන් පසුවයි. ඔහුට තවම ඒ ගැන තර්ජන නැත.

 

views

363 Views

Comments

arrow-up