බිරිඳව බේරා කැළණි ගඟට බිළිවූ සැමියා - අවුරුදු දා ඇසුණු කඳුලු කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

බිරිඳව බේරා කැළණි ගඟට බිළිවූ සැමියා - අවුරුදු දා ඇසුණු කඳුලු කථාව

බිරිඳව බේරා කැළණි ගඟට බිළිවූ සැමියා - අවුරුදු දා ඇසුණු කඳුලු කථාව

අලුත් අවුරුදු දා පවුලේ අය සමග ත්‍රිරෝද රථයකින් යන අතර යටියන්තොට තුංකිද ප්‍රදේශයේ දවල් කෑමට නවත්වා අතසෝදා ගැනීමට කැලණි ගඟට බැස්ස බිරිය පයලිස්සා ගඟට වැටුණු අතර ගඟට පැන බිරිද බේරාගත් සැමියා ජලයේ ගසාගෙන ගොස් ඇතැයි යටියන්තොට පොලීසිය පවසයි.

 

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කැලණිය පට්ටියහන්දියේ පදිංචි 42 වියැති ජී.එම්.ඩබ්ලිව්.එම්. චමින්ද ජනක බණ්ඩාර නමැති තිදරු පියෙකි.



චමින්ද ගඟට පැන බිරිය අල්ලාගෙන අසල ගමන් කළ පාරුවකට නැග්ගුවද ඔහුට පාරුවට නැගීමට නොහැකි වූ නිසා මෙලෙස  ගසාගෙන ගොස් තිබෙන බවත් පවුලේ ඥාතීහු පැවසූහ. 

 

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් කැලණි ගඟේ සෝදිසි මෙහෙයුම් සිදු කළද සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවත් පසුව ඊයේ 16 උදෑසන ගඟ පහල ප්‍රදේශයෙන් ඔහුගේ සිරුර මතුවී තිබී හමුවූ බවත් පොලීසිය සඳහන් කරයි. සිද්ධිය වූ ස්ථානයේ ගඟේ ගැඹුර අඩි 30කට වැඩි බව ප්‍රදේශවාසීහු මෙහිදී පවසති.

 

යටියන්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී. ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකරති.

views

506 Views

Comments

arrow-up