සිදුවූ දෙයක් කිසිවෙක්ට හිතාගන්නවත් බැහැ.. - අභිරහසක් ඉතුරු කරමින් සදහටම නික්ම ගිය සුරූපී තරුණිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

සිදුවූ දෙයක් කිසිවෙක්ට හිතාගන්නවත් බැහැ.. - අභිරහසක් ඉතුරු කරමින් සදහටම නික්ම ගිය සුරූපී තරුණිය

සිදුවූ දෙයක් කිසිවෙක්ට හිතාගන්නවත් බැහැ.. - අභිරහසක් ඉතුරු කරමින් සදහටම නික්ම ගිය සුරූපී තරුණිය

මරණය ගැන තවමත් පවතින්නේ විශාල සැකයක්.. සුරූපී ඇගේ ජීවිතයට මෙහෙම ඉරණමක් අත්වුණේ ඇයි..?

 

19 හැවිරිදි ඩී. එච්. චමුදි විදර්ශනා සිහිසුන්ව සිටින බව සිතා ඇගේ මවුපියන් ඊයේ (26) පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ සිදුවූ කිසිවක් ඔවුන්ට හිතාගන්න බැරුවයි.. ඒ වන විටත් ඇය මරණයට පත්ව සිට ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසනවා..



මව, පියා හා සොහොයුරීයක සමඟ ඇය ජීවත්ව ඇති බවත් ඇය පවුලේ වැඩිමහල් දියණීය බවත් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පුත්තලම පොලීසිය සඳහන් කරනවා.. ඇය අ.පො.ස. උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති අතර, මේ වන විට කුරුණෑගල උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක බවද පොලීසිය පවසනවා..


 

ඇය සතියේ දින පහම කුරුණෑගල නගරයේ පැවති උසස් අධ්‍යාපන ආයතනයට යන බවත් ඉකුත් 25 වැනිදා සවස නිවෙසට පැමිණීමෙන් පසු පියා රැගෙන විත් තිබූ එළවළු රොටියක් පමණක් ආහාරයට ගෙන රාත්‍රී ආහාර ගැනීමට නොහැකි බව පවසමින් නින්දට ගොස් තිබුණ බවට හෙළිවී තිබෙනවා.. 



එසේම මෙම තරුණිය ඇගේ කාමරයේ සිට මධ්‍යම රාත්‍රී 12.44 වනතුරු ජංගම දුරකතනය හරහා කෙටි පණිවිඩ හුවමාරු කර ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබුණා...



අලුයම අවදි වූ මවුපියන්, දියණිය නිදා සිටි කාමරයට ගොස් ඇති බවත් එහිදී ඇය සිහිසුන්ව සිටීම නිසා මහත් කලබලයට පත්ව පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය මරණය පත්ව සිටි බව පවසනවා...



අදාළ තරුණියගේ මරණය සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ගෙවිදු කස්තුරිආරච්චි විසින් පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසු සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කර තිබුණා...



එසේම ඇයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, පුත්තලම හදිසි මරණ පරීක්ෂක බී.එම්. නිසාම් විසින් පැවැත්වීමෙන් පසු එය වැඩි දුර පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබුණා.. කෙසේ වෙතත්, පුත්තලම මූලික රෝහලේ රෝහල් පොලීසිය විසින් මේ සමබ්න්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා..

views

415 Views

Comments

arrow-up