පාසල් සිසුවියක් වූ දුවගේ කීමට ටික්ටොක් පෙම්වතාව නිවසේ නවතාගත් මවට හත් මාසයකට පසු තරු පෙනුණ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

පාසල් සිසුවියක් වූ දුවගේ කීමට ටික්ටොක් පෙම්වතාව නිවසේ නවතාගත් මවට හත් මාසයකට පසු තරු පෙනුණ හැටි

පාසල් සිසුවියක් වූ දුවගේ කීමට ටික්ටොක් පෙම්වතාව නිවසේ නවතාගත් මවට හත් මාසයකට පසු තරු පෙනුණ හැටි

ටික්ටෝක් සමාජ මාධ්‍ය මගින් හඳුනා ගෙන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක රවටා ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බව පවසමින්, එම දැරියට අතවර කර මාස 7ක ගැබිනියක බවට පත් කළ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

 

මෙම දැරිය ඉකුත් වසරේ අප්‍රේල් 30 දා, ටික්ටොක් සමාජ මාධ්‍යය මගින්, මෙම සිසුවා හඳුනා ගෙන ප්‍රේම සබඳතාවයක් ගොඩ නගා ගැනීමෙන් අනතුරුව, පෙම්වතිය බැලීම සඳහා ඉකුත් ජුනි 30 දා එම සිසුවා ගල්නෑව පොලිස් වසමේ පදිංචි දැරියගේ නිවසට පැමිණ ඇති බව සඳහන්වෙයි.

 

කුරුණෑගල ප්‍රදේශයේ සිට ගල්නෑව ප්‍රදේශයට පැමිණි එම පාසල් සිසුවාට ආපසු යාම සඳහා බස් රථයක් නොමැති වීම හේතුවෙන්, දැරියගේ මවගේ කැමැත්ත මත එදින රාත්‍රිය එම නිවසේ නතර කරවා ගෙන ඇති බව ද දැරියගේ ප්‍රකාශවල සටහන් වෙයි.

 

එදින රාත්‍රියේදී සැකකාර පාසල් සිසුවා දැරියට අතවර කරත තිබේ. ඉන්පසු නිවසේ තනිව සිටින අවස්ථා කිහිපයකදී ඔහු පැමිණි බවත්, මේ පිළිබඳව කිසිවකුටත් නොපැවසූ බවත් දැරියගේ ප්‍රකාශවල සටහන් වෙයි.

 

හදිසියේ ඇති වූ ‘ක්ලාන්ත‘ තත්ත්වයක් හේතුවෙන් මව විසින් දැරිය තඹුත්තේගම පෞද්ගලික වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය මාස 7ක ගැබිනියක බව දැනගෙන ඇත. අනතුරුව තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබේ.

 

අනතුරුව තඹුත්තේගම රෝහල් පොලිසියේ මගින් ගල්නෑව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශනයක් සිදු කර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

 

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

484 Views

Comments

arrow-up