අක්කාගේ පුහුණුවීම් බලන්න අම්මා එක්ක ගොස් සිටියදී ගෝල් කණුව හිස මතට වැටී අවසන් හුස්ම හෙලූ ශිෂ්‍යත්ව හපනාගේ ශෝකාන්තය

අක්කගෙ ක්‍රීඩා පුහුණුවීම් බලන්න… අම්මා සමග ගිය මල්ලීගේ හිස මතට පාපන්දු ගෝල කණුවක් කඩාගෙන වැටී ඔළුවට බරපතළ හානි සිදුවීමේ ශෝකජනක පුවතක් ඉකුත් 12 දා පොලොන්නරුවෙන් වාර්තා විය. දරුවාගේ මරණය හිසට සිදුවූ බරපතළ තුවාල නිසා මොළය අක්‍රීය වීමෙන් සිදුවී ඇතැයි පොලොන්නරුව රෝහලේ වෛද්‍යවරු පවසති.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවාය.
දරුවාගේ පියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. මව ගෘහණියකි. මෙසේ හදිසි අනතුරට ලක්වී ඇත්තේ බී.ඕ.පී. 317, අංක 246 තල්පොත ලිපිනයේ පදිංචි එම්. කේ. ජී. කවිඳු දෙනුවන් සේනාරත්න නම්වූ 11 හැවිරිදි පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඉකුත් 12 දා උදෑසන සිය අක්කාගේ පුහුණුවීම් ක්‍රිකට් තරගයක් නැරැඹීම සඳහා මව සමගින් මෙම දරුවා පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට පැමිණ ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
ක්‍රීඩා පිටියේ මැද තිබුණු පාපන්දු ගෝල යකඩ සැකිල්ලක් මඳ දුරක් පසුපසින් තැබීමට පිරිසක් පෙරළා ඇති අතර එහිදී එහි යකඩ කොටසක් මෙම දරුවාගේ හිසේ වැදී ඔළුවට බරපතළ තුවාල සිදුවී තිබේ.
එහිදී දිරා යමින් තිබූ එම පාපන්දු ගෝල සැකිල්ලේ විශාල යකඩ කොටසක් කඩාවැටී තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබුණි.
එහිදී දරුවාගේ මොළයට බරපතළ තුවාල සිදුවී මොළය අක්‍රීය වී ඇති බව වෛද්‍යවරු පැවසූ බව රොහල් පොලිසිය කියයි. දරුවා මියගිය බව වෛද්‍යවරු සනාථ කිරීමෙන් පසු ඔහුගේ ඇස් දෙක වෙනත් රෝගී දරුවෙකුට බද්ධ කර දීමට දෙමව්පියෝ කැමැත්ත පළ කර තිබේ.
මෙම දරුවා ගැමුණුපුර කනිෂ්ට විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වී පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයට හය වසරට ඇතුළත් වීමෙන් පසු එහි ඉගෙනුම ලැබූ සිසුවෙකි.
පෙරේදා (13) උදේ දරුවා දැඩි සත්කාර ඒකකයේ තබා තිබුණු බව පොලොන්නරුව රෝහල් පොලිසියේ නිලධාරීයකු සඳහන් කළේය.
පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
244 Views
Comments