මනාල යුවල මංගල පෝරුවේ සිටිද්දී මනාලියගේ පියාටත් කර කියාගන්න දෙයක් නැති කරමින් සිදුවුණු දේ...

මංගල උත්සවවලදී පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීම කලක් තිස්සේ කරගෙන ගිය ඔහු මත් වතුරට ලැදි බව පරගල දේශවාසීන් දැන සිටියත් දුර බැහැර අය දන්නේ නැත.
කඩවසම් පෙනුමත්, සුපිරි ඇඳුම් කට්ටලයත් මුඛරි කතාවත් නිසා ප්‍රකට වූ ඔහුට මඟුල් පෝරුවක අෂ්ඨක කීමට ඇරියුමක් ලැබුණේ ගමට තරමක් දුර සබරගමුව පළාතේ උප නගරයක් අසල නිවෙසකිනි.
උදේම මඟුල් ගෙදර ගියත් පෝරුවේ නැකත එන තුරුම ඔහු පෙනෙන්නට නොවීය.
මොහොතකින් ඥාතියකු ඔහු කැඳවාගෙන ආවේය.
එහෙත් ඒ වන විට ඔහු සිටියේ බමන මතින්...
පෝරුවේ චාරිත්‍ර ඉටු කළත් එහිදී කළ ගායනා විලාසය අමුතු විය.
වැඩිපුරම කියැවුණේ මහප්‍රාණ අකුරුය.
ඇතැම් වචන නැවත නැවත කියන්නට විය.
මනාලියගේ පියාට යකා වැහිණි. ඔහුට කරකියාගන්න නැතිවිය..
ඔහුගේ ගනුදෙනු පියවා වහාම ආපහු යවන්නැයි පියා කීවේ කෝපයෙනි.
”තවත් මේ වගේ බේබද්දන් මේවට ගාව ගන්න එපා” යැයි ඔහු කීවේය.
”මේ වගේ හිඟන මඟුල් ගෙවල්වල මාත් එන්නේ නැහැ”යි ඔහුත් කීවාලූ.
උපුටාගැනීමක්
5864 Views
Comments