දෙහදක සිරවු ව්‍යාපාරිකයාගේ මළසිරුර - අවසානයේ පොලිසියටත් මැදිහත් වෙන්න වෙයි

මියගිය ව්‍යාපාරිකුගේ මළ සිරුරට නීතිඥ බිරිඳක සහ රජයේ ලිපිකාර බිරිඳක අයිතිවාසිකම් කීම නිසා ඇතිවූ උණුසුම් තත්වය දෙපාර්ශවයේ එකඟතාවය මත ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට කටයුතු කළ පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවේ.
පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයකු සිය නිවසේ නිවසේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇතැයි පොලිසිය කීය.
මියගොස් ඇති ව්‍යාපාරිකයා විවාහ දෙකක් සිදුකරගෙන ඇති අතර, දෙවන විවාහයේ බිරිඳ සමග මියයන අවස්ථාව වන විට ජීවත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
පළමු කසාදයේ බිරිඳ නීතිඥවරියක වන අතර , දෙවන කසාදයේ බිරිඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකාරිනියක බවද කසාද දෙකෙහිම දරුවන් කිහිප දෙනකු සිටින බවද සඳහන්වේ.
ඒ අනුව හදිසි මරණ පරීක්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් මහතා සිදුකළ අතර , පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර දේහය ඥාතීන්ට භාරදීමට පොලිසිය සූදානම්ව ඇත.
එම අවස්ථාවේ නීතිඥ බිරිය මියගිය සැමියගේ සිරුර තමාගේ නිවසේ තැන්පත් කරවීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කර ඇති අතර, එසේ දේහය ලබාදෙන්නේ නම් තමාට සහ තමාගේ ඥාතීන් මිතුරන් ඇතුළු සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ යාම් ඊම් කිරීමට අවශ්‍ය බව දෙවන කසාද බිරිඳ සඳහන් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇතිවූ කතාබහ දුරදිග යාමට ඉඩ නොදී පොලිසියේ මැදිහත්වීමෙන් දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාවය මත පියවර ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
දේහයට සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා අවසන් කටයුතු කිසිදු ගැටුමකින් තොරව සිදු කරන ලෙස දෙදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
298 Views
Comments