“ඔයා ඉගෙනගන්න. ෆොටෝග්‍රැෆි කරලා මම ඔයාව බලාගන්නම්” - හැමෝම ආදරේ කරන ‘චොක්ලට් කපල්’ එක (PHOTOS)

මිනිස්සුන්ට ආදරයක් ඕනි වෙන්නෙ ජීවිතේ ඉස්සරහට එන ඕනෑම තත්ත්වයකට හයියක් වෙන්න.
එහෙම හයියක් වෙන්න බැරි නම්, අපි අපිව බලාගන්නවා ඇරෙන්න තවත් කෙනෙක් තනියට විතරක් මොකටද.
හයියක් වෙනවා කියලා කියන්නෙ අඬන්න ඕනි වුණාම උරහිස දෙන, වැළඳගැනීමකින් ප්‍රශ්න දාහක් අමතක කරවන, තිස්සෙම හිනාවන් මූණෙ අඳින, වචනෙකින් හරි අපිව දිරිමත් කරන එකට.
මීට උදාහරණ දෙන කතා ඕනෑ තරම්.
සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබත් එහෙම කතා කොතෙකුත් නම් අහලා දැකලා කියවලා ඇති.
''චොක්ලට් කපල්'' එක කියන්නෙත් එහෙම ආදරවන්තයින් දෙපළක්. තිසර - ශෙහානි යුවළව කවුරුත් හඳුනන්නේ එහෙම කිව්වාම.
ඉතින් යාපන සංචාරයක ඔබ අපිව අරන් යන ශෙහානිගේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණා.
උපාධියක් ලැබීම පිටුපස තියෙනවා වචන කරන්න බැරි තරමට බර, මහා ලොකු කතාවක්.
ශෙහානිගේ ඒ කතාවේ ආදරණීයම චරිතය තිසර.
මේ ඔහු ගැන ඇය තබා තිබූ සොඳුරු සටහනක්...
"ඔයා ඉගෙන ගන්න. මම ෆොටෝග්‍රැෆි කරලා ඔයාව බලාගන්නම්"
"මම දන්නවා ඔයා විශේෂ දෙයක් කරලා යාපනෙන් එන්නේ"
"මම සල්ලි දැම්මා, නොකා ඉන්නෙපා අද එලියට ගිහින් මොනවා හරි විශේෂ දෙයක් කන්න"
"පාර්සලයක් බස් එකට දැම්මා.මම හදපු කෑම එකකුත් ඇති යාලුවෝ එක්ක කන්න"
"අමාරුම නම් ටික දවසකට ගෙදර එන්න.ටිකක් රිලැක්ස් වෙලා යන්"
"මම එන්නම් ඔයාව බලන්න මේ ටිකේ වැඩ ටික කරගන්න"
"ඔයාගේ වීඩියෝ වැඩ වලට ඕන කරන බඩු වගයක් මම ගත්තා බස් එකට දාන්නම් කිලිනොච්චි වලින් ගන්න"
"කොහෙවත් යන්න මගෙන් අවසර ගන්න ඕන නෑ, යන්න කලින් මට සම්පූර්ණ විස්තරේ කියලා යන්න."
"එක්සෑම් ටික හොදට කරගන්න, ඊට පස්සේ මම එන්නම් ඔයාව බලලා යන්න"
"ඉගෙනගන්න වැඩයි බිස්නස් වැඩයි ඔක්කොම ඔච්චර ප්‍රෙශර් එකේ කරන්න ඕන නෑනේ. ටික කාලෙකට ඕක නවත්තලා ඉගෙනගන්න එකට ෆෝකස් කරන්න. පුලුවන් කාලේක ආයේ වැඩ පටන් ගන්න"
"ඔයාට මං ඉන්නවා, මම ඔයාව දන්නවා. ඔයාට ඕක හොදටම පුලුවන්"
"මං ඔයාට ආදරෙයි ! "
පහුගිය අවුරුදු හතර පුරාම මාව දරාගත්ත එයා, මාව ශක්තිමත් කරපු එයා අද මගේ ජයග්‍රහණයේ සම අයිතිකාරයෙක්
අන්තිමේදි අම්මි නංගි පුංචි බාප්පි තිසර හැමෝගෙම ශක්තියෙන්
"මම ඒක කලා"
319 Views
Comments