එඩ් ෂීරන්ගේ විනෝද සන්ධ්‍යාව ශාරුක් තවත් හැඩ කල හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

එඩ් ෂීරන්ගේ විනෝද සන්ධ්‍යාව ශාරුක් තවත් හැඩ කල හැටි (PHOTOS)

එඩ් ෂීරන්ගේ විනෝද සන්ධ්‍යාව ශාරුක් තවත් හැඩ කල හැටි (PHOTOS)

ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික ගායකයෙකු වන Ed Sheeranගෙ (ඊද් ශිරන්) The  Tour එකේ ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රසංගය පැවැත්වුණා.

 

එම ප්‍රසංගයට ඉන්දීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයින්ගෙනුත් ලැබී තිබුණේ ඉහළ ප්‍රතිචාරයක්.

 

Ed Sheeranගෙ ඉන්දියානු ආගමනයේදී ඔහු සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ව හමුවෙලා, ශාරුක්ගේ Iconic pose එකටත් ඉන්න හැටි, මීට දින කිහිපයකට කලින් සමාජ මාධ්‍යවල viral වෙලා තිබුණනෙ.

 

ඊයේ දිනයෙත් ඒ වගේම ඔවුන් දෙදෙනාගේ අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඒ තමයි Ed Sheeran ශාරුක් ඛාන් ළඟින් වාඩිවෙලා, ඔහුගෙ ගිටාර් එක Play කරන ගමන් සිය අතිශය ජනප්‍රිය "Perfect" ගීතය ගායනා කරන ආකාරය. ශාරුක් ඔහු ළගින් වාඩිවෙලා, හරිම සාවධානව ගීතයට සවන් දෙන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා.

 

ශාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන් ද, Ed Sheeran සමග ගත් ඡායාරූපයක් සිය Instagram ගිණුම ඔස්සේ පළ කරමින් "ඔබේ ගායනා කිරීමට සවන් දීම කොතරම් සතුටක්ද! සවස් කාලය අප සමඟ ගත කිරීම ගැන ඔබට ස්තූතියි.." යනුවෙන් සටහන් කර තිබුණා.

 

views

281 Views

Comments

arrow-up