ඉඩමක් නිසා උගන්ඩාවේ මැරතන් ශූරියට පුහුණුවීම් අතරතුර අත්වුණ ඛේදනීය ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ඉඩමක් නිසා උගන්ඩාවේ මැරතන් ශූරියට පුහුණුවීම් අතරතුර අත්වුණ ඛේදනීය ඉරණම

ඉඩමක් නිසා උගන්ඩාවේ මැරතන් ශූරියට පුහුණුවීම් අතරතුර අත්වුණ ඛේදනීය ඉරණම

උගන්ඩා කාන්තා මැරතන් ශූරියක් වන රෙබේකා චෙප්ටිගෙයි ව ඇයගේ පෙම්වතා විසින් පෙට්‍රල් ඇඟට දමා ගිනිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

ඇය පසුගියදා නිමාවූ පැරිස් ඔලිම්පික් තරගාවලියේ මැරතන් තරගයට ද එක්වූවාය. 

 

චෙප්ටිගෙයි එම ප්‍රහාරය එල්ලකර තිබුණේ පසුගිය ඉරිදා ය.

 

සිය දියණියන් දෙදෙනා සමග පල්ලියට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී ඇය ඊට ලක්වී තිබූ බව සඳහන් ය.

 

ඇය ජීවත්ව සිටියේ වයඹදිග කෙන්යාවේ මලල ක්‍රීඩා ගම්මානයක් ආසන්නයේ ය. ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඇයයේ පෙම්වතා විසින් ඇයට එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

 

චෙප්ටිගෙයි ඝාතනයට ලක්වන විට ඇය කෙන්යාවේ මලල ක්‍රීඩා ගම්මානයේ සිය පුහුණුවීම්හි නිරතව සිට ඇත.

views

215 Views

Comments

arrow-up