“මෙහෙම කරගන්න තරම් උබට තිබුන ප්‍රශ්නය මොකද්ද මල්ලි...” - කාටත් නොකියාම යළි නේන ගමන් ගිය ඉරෝෂන් (PHOTOS)

මිනිස්සු සමහර වෙලාවට තමන්ගෙ ජීවිතේ මෙතනින් නතර වෙන්න ඕනි කියලා 'තමන් විසින්ම' දරුණු තීරණ ගන්න පෙළඹෙනවා. හේතුවක්වත් නොකියාම...
ඉරෝෂන් චතුරංගත් එහෙම තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් අරන් තිබුණා.
ඒ, යළි නේන්නම දුරකට යන්න... නේන දුරකට යන්න...
කොල්ලොම ඉන්න පවුලක හරි හයියට හිටපු ඉරෝෂන්, මෙහෙම තීරණයක් ගනීවි කියලා කාටවත් හීනෙකින්වත් හිතෙන්න නැතුව ඇති.
''මගේ අතින් මනාලයෙක් වෙන්න ඉදපු උඹ අද මට නොකියම මනාලයෙක් වුණේ කොහොමද බන් මගෙ මල්ලියේ..
Iroshan Chathuranga මගෙ පන උඹ මට නැති වුණා
උඹට තිබ්බ මගෙ මල්ලි හිතේ තියන් ඉන්නෙ නැතිව උඹේ ප්‍රශ්න දුක මට කියන්න.
මගෙ හැම දේකටම ඉන්න උඹ උඹට බැරි වුණා එක විනාඩි 5ක් මං එක්ක උඹේ දේවල් කියන්න
උඹ දන්නවා උඹ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ...''
ඒ, ඉරෝෂන්ගේ අයියා...
පේන්න හේතු නැති වුණාට ඒ ජීවිතේ නතර වෙන්නත් මොනම හෝ හේතුවක් තියෙන්නත් ඇති. ඔහු විතරක් ම දන්න...
අයියත් එක්ක වෙන්නප්පුවේ ලොකුවට සැලෝන් එකක් පටන් අරන් ජීවිතේ දිනන්න හීන දැක්ක කොල්ලා මේ.
දකින කාටත් හොඳ හිත පෑව, ආදරණීය හිනාව එක පාරටම අතුරුදන් වුණාම, ළඟම උන්ට දරාගන්න අමාරුත් ඒකයි...
''ගෙදර රෙදි වැල ලෙහල බෙල්ලට දාගන්න තරම් උබට තිබුන ප්‍රශ්නය මොකද්ද මල්ලි
උබේ අයියා Krish Chathuranga මහන්සි වෙලා හදපු ව්‍යාපාරය උබේ මල්ලි Suleka Chathuranga ත් එක්ක එකතු වෙලා තවත් දියුණු කරගෙන ලස්සනට ඉන්න තිබුණා ඔයාල තුන් දෙනාට.
දැන් මේව ලියල වැඩක් නෑ කියල දන්නවා
නිවන් සුව Iroshan Chathuranga මල්ලි.
මේ ලියන ටික මේ සිද්ධියට අදාල නෑ.
දරුවෙක් කරදඬු උස්මහත් උනාම ඒ කියන්නේ වයස අවු 18-20 පැන්නම උන්ට ගහල හදන්න බෑ.
උන් කැමති උන්ගෙ ස්වාධීන ලෝකෙක ජීවත් වෙන්න.
මතු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.''
''මෙච්චර ආදරේ කරන මිනිස්සු ඉද්දි මේ වගේ හදිස්සි තීරනයක් ගත්තනේ දෙයියනේ
ඌ හරි උත්සහවන්ත කොල්ලෙක්! අපි පොඩි කලේ ඉදලම පොලේ බඩු විකුනන්න පවා යනවා!
ඒ අස්සෙන් අයියා එක්ක එකතු වෙලා සැලොන් එකේ වැඩ කරා.
අනේ එහෙව් හයිය කොල්ලානේ මේ වගේ හදිස්සි තීරනයක් අරන් තියෙන්නේ
දැන් මාස දෙක තුනකට කලින් අයියා එක්ක එකතු වෙලා වෙන්නප්පුවේ salon krish කියලා ලොකුවට සැලෝන් එක දා ගද්දි මං හිතුවෙම ලංකාව හොල්ලනවා අපේ කොල්ලෝ ගමේ කොල්ලෝ
ලොකු අයියා ගැනවත් චුට්ටක් හිතන්න තිබ්බා.
චූටි මල්ලිවයි මෙයාවයි අද මේ වගේ සැලොන් එකක් දාගෙන එන්න ඒ මනුස්සයා මොන තරම් කැපවීමක් කලාද අනේ
මං හැමදාම කිව්ව දෙයක් තියෙනවා උන් දෙන්නා නියම සහෝදරයෝ තුන් දෙනා නියම මැච් එකක් ගහන්නේ ගැහුව්වේ
ඔහොම යන්න යද්දි හිතා ගන්න ඹෑ අයියේ
නිවන් සුව ඔයාට අයියේ..
ආයේ ලංකාවට එද්දි ඔයා සැලෝන් එකේ ණෑ.
විහිලු කරලා හිනස්සන්න ඔයා නෑ!
මම අපේ එක්කෙනාගේ කොන්ඩේ ඔයාලා නැත්තං ලංකාවේ කිසිම තැනකින් කපලත් නෑ කපන්නෙත් ණෑ.
ආයේ ඔයාට කෝල් එක දෙද්දි නංගි සැලෝන් එකේ ඉන්නේ ඔයාලා එන්න කියන්න ඔයා නෑ
නිවන් සුවය ලැබේවා අයියේ''
402 Views
Comments