ලෝකයේ දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවලින් - වටිනාකම ඇහුවොත් ඔබත් පුදුමවේවි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ලෝකයේ දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවලින් - වටිනාකම ඇහුවොත් ඔබත් පුදුමවේවි

ලෝකයේ දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවලින් - වටිනාකම ඇහුවොත් ඔබත් පුදුමවේවි

ලොව මෙතෙක් හමුව ඇති දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවලින් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

බොට්ස්වානා හි කැනේඩියානු සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් හට අයත් පතලකින් සොයාගෙන ඇති මෙම දියමන්තිය, කැරට් 2,492 ක් වන බවයි සඳහන් වන්නේ.

 

මීට පෙර බොට්ස්වානා හි විශාලතම සොයාගැනීම වූයේ 2019 දී එම පතලෙන්ම සොයා ගත් කැරට් 1,758 ක දියමන්තියකි.

 

බොට්ස්වානා යනු ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකු වන අතර එය ගෝලීය නිෂ්පාදනයෙන් 20% ක් පමණ වේ.

 

ලොව විශාලතම දියමන්තිය ලෙස වාර්තා තබා ඇත්තේ, 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියයි.

views

267 Views

Comments

arrow-up