“තව ටිකක් එයාලට මගේ බඩේ ඉන්න දෙන්න කියලා.. මම අඬ අඬ කිව්වා” - පුංචි පැටව් දෙන්නා ගැන බුවිනි කියූ සංවේදී කතාව (PHOTOS)

අම්මා - තාත්තා පදවියට තමන් උරුමකම් කියන්න වාසනාවන්ත වෙලා කියලා දැනගත්තාම, ඕනිම කෙනෙක් ඊළඟට ඉවසිල්ලක් නැතිව මඟබලාගෙන ඉන්නෙ අලුත් අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියලා දැනගන්න.
එහෙම බලාගෙන ඉන්න මොහොතක දුවෙකුයි, පුතෙකුයි දෙන්නෙක් ම එන්න ඉන්නවා කියලා දැනගත්තාම... ඒක වචන කරන්න බැරි තරම් සතුටක් විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ නේද.
ජනප්‍රිය නිළි බුවිනි ඒ අප්‍රමාණ සතුට හදවතින් ම විඳගෙන අදට වසරක්.
ඔව්... ඇය පුංචි පුතු පැටියෙක්ගෙත් දූ පැටියෙක්ගෙත් අම්මා වෙලා අදට වසරක්.
හරියට ඒක ඇයටත් ඇගේ සැමියාටත් විතරක් ම නෙවෙයි මුළු පවුලට ම ලැබුණු අලුත් අවුරුදු තෑග්ගක් හා සමානයි.
තවත් විදියකින් කිව්වොත් අවුරුදු කුමාරයයි අවුරුදු කුමාරියි දෙන්නම බුවිනිගෙ ගෙදරට ඇවිත්.
ඉතින් ඒ ලස්සන කතාව ගැන බුවිනි දීර්ඝ සටහනක් සිය සමාජ මාධ්‍ය වේදිකාවන්ට එක්කාසු කර තිබුණා.
ඒ ඇගේ ලෝකය සැරසූ පැටව් දෙන්නාට ආදරණීය සුබපැතුමක් ද ගෙන එමින්...
''මගේ මේ ජිවිතේ වැඩියෙන්ම සතුටු වුන, වැඩියෙන්ම භය වුන දවස තමයි 2023.04.15.
ඒ මාස 9ක් පුරාවට මගේ කුසේ තියන් ඇස් දෙකටත් වඩා වැඩියෙන් රැකපු මගේ පුංචි පැටව් දෙන්නා මගේ අතට ලැබුන දවස.
මගේ දෝණි..මගේ පුතේ..
ඔයාල දෙන්නගේ මුණ දකින්න තියන ආසාව වගේම ඔයාල දෙන්නා හොඳින්ද? සනීපෙන්ද කියලා හරියටම දැනගන්නකම් තිබුන භය කියන්න මට තේරෙන්නේ නෑ.
ඒ සතුටයි භයයි එකට එකතු වෙලා දැනෙන හැඟීම දන්නේ අම්මා කෙනෙක් විතරක්ම වෙන්න ඕනේ.
මට අද වගේ මතකයි Doctor ඔයාලා දෙන්නව එලියට ගන්න හදන වෙලාවේ මම අඬ අඬ කිව්වා “ දැන්ම ගන්න එපා තව ටිකක් එයාලට මගේ බඩේ ඉන්න දෙන්න කියලා”
මට ඕන වුනේ ඒ තරම්ම මගේ ලඟින් ඔයාලා දෙන්නව තියා ගන්න.
ඒ කියලා විනාඩියක් ගියේ නෑ මගේ දෝණි හයියෙන් අඬනවා මට ඇහුනා.
ඔයාලගේ තාත්තා නම් කිව්වේ පැටව් දෙන්නාට වඩා හයියෙන් මම ඇඬුවා කියලා.
එත් මම දැනගෙන හිටියේ මටත් වඩා ඔයාලගේ තාත්තා භයෙන් හිටියේ කියලා.
මොකද එයාට අපි තුන්දෙනවම ගොඩක් වටින නිසා.
මගේ දුවේ,මගේ පුතේ ඔයාලා දෙන්නා කවදා හරි දවසක මේ සටහන දකී කියලා හිතනවා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි,ජිවිතේ කවමදාවත් ඔයාල දෙන්නා අපිට ණය නෑ.
ඔයාලා අපි දෙන්නා ලඟට අවේ අපිට ඕන නිසා.
ඒ වෙනුවෙන් අපේ පණටත් වඩා වැඩියෙන් තාත්තයි අම්මයි ඔය දෙන්නට ආදරේ දෙනවා,රකිනවා,පුළුවන් උපරිම දේ කරලා සතුටින් තියනවා කියලා පොරොන්දු වෙනවා.
මගේ දෝණි, මගේ පුතේ ඔයාලගේ අම්මයි තාත්තයි විදිහට අපි දෙන්නව තෝර ගත්තට ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතී.
ලෝකේ තියන උතුම්ම පදවිය අපිට ලැබුනේ ඔය දෙන්න නිසයි.
ඒ වෙනුවෙන් ඔයාල දෙන්නට පිං
මගේ රත්තරං පැටව් දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සුභම සුභ උපන්දිනයක් වේවා මගේ පටව්නේ''
2115 Views
Comments