බීමතින් පැමිණ කරදර කරනවැයි කියා මව සමඟ එක්ව පියා ඝාතනය කර වැවට දැමූ පුත්‍රයා හසු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

බීමතින් පැමිණ කරදර කරනවැයි කියා මව සමඟ එක්ව පියා ඝාතනය කර වැවට දැමූ පුත්‍රයා හසු වූ හැටි

බීමතින් පැමිණ කරදර කරනවැයි කියා මව සමඟ එක්ව පියා ඝාතනය කර වැවට දැමූ පුත්‍රයා හසු වූ හැටි

කැපුම් තුවාල සහිතව දිවුල් වැවට දමා තිබියදී ඉකුත් (08) හමු වූ පුද්ගල මළසිරුර සම්බන්ධයෙන්, මරණකරුගේ බිරිඳ සහ පුත්‍රයා පෙරේදා (09) අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලීසිය සඳහන් කරයි.මරණකරුගේ බිරිඳ වන 46 හැවිරිදි නැතැත්තියක හා පුත්‍රයා වන 24 හැවිරිදි අයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

 

හිදෝගම පොලිස් වසමේ දිවුල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි සමරතුංග දේවයලාගේ පියසේන (48) හැවිරදි දෙදරු පියෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි. හෙතෙම වැව් මාළු වෙළෙන්දෙකු ලෙස කටයුතු කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

 

දිවුල්වැවේ නාදුනන පුද්ගල මළසිරුරක් තිබෙන බවට ඉකුත් (08) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන සිදු කර මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ සහ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 

මරණකරු බීමතින් පැමිණ නිවැසියන් සමග නිතර අඩ දබර කර ගැනීම හේතුවෙන් පුත්‍රයා විසින් තම පියා නිදි යහනයේ සිටියදී පොරවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවත්, ඊට මරණකරුගේ බිරිඳ ආධාර අනුබල දී ඇති බවත් පොලීසිය කියයි. නඩත්තු කටයුත්තක් සඳහා දිවුල්වැවට පැමිණි වාරිමාර්ග නිලධාරියෙකු විසින් පුද්ගලයකු වැවේ පාවෙන අයුරු දැක මෙලෙස පැමිණිලි කර තිබූ බවද පොලීසිය කියයි.

 

මෙම මළසිරුර, ඇඳ ඇතිරිලි දෙකකින් ඔතා ඊට මතු පිටින් නයිලෝන් ලණුවකින්ද ඔතා ගැට ගසා එම නයිලෝන් ලණුවෙහි එක් කෙළවරක් ඝනකම් ඉටි කවරයක ඔතන ලද කළුගල් පාර්සලයක් ආකාරයෙන් ගැට ගසා, සිරුර ජලයෙන් උඩට නොපැමිණෙන අයුරින් වැවේ ගිල්වා දමා ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන  සිදු කළ පොලීසිය සඳහන් කරයි. හිදෝගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

611 Views

Comments

arrow-up