චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර “නයිරා” අවභාවිතා කළ සංක්‍රාණ්තික කාන්තාවකට ලැබුණු දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර “නයිරා” අවභාවිතා කළ සංක්‍රාණ්තික කාන්තාවකට ලැබුණු දඩුවම

චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර “නයිරා” අවභාවිතා කළ සංක්‍රාණ්තික කාන්තාවකට ලැබුණු දඩුවම

''නයිරා අවභාවිතා කිරීම සම්බන්ධයෙන්'' නයිජීරියාවේ සුප්‍රසිද්ධ තරුවක් වන ''Bobrisky'' (Idris Okuneye) නම් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. (නයිරා යනු නයිජීරියාවේ මුදල් ඒකකයයි...)

 

බොබ්‍රිස්කි විසින් මෙලෙස මුදල් අවභාවිතා කර ඇත්තේ ලාගෝස් හි චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර බව සඳහන්.

 

බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට ඇය විසින් මුදල් නෝට්ටු ''විසි කිරීමට'' කටයුතු කර තිබෙනවා.

 

සාමාන්‍යයෙන් නයිජීරියානු මංගල උත්සව සහ වෙනත් උත්සව අවස්ථාවන්වල ද වඩාත් ප්‍රසිද්ධ අංගයක් වන මෙමඟින් නෝට්ටු පයට පෑගීමට ඇති ඉඩ වැඩිය.

 

ඒ අනුව මෙය නෝට්ටු අවභාවිතා කිරීමකි.

 

බොබ්‍රිස්කිට අදාළ සිදුවීම සමාජ මාධ්‍යයේ ද වැඩි වශයෙන් හුවමාරු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇය තවමත් අදහස් දක්වා නොමැති බව සඳහන්.

 

ඒ අනුව ආර්ථික හා මූල්‍ය අපරාධ කොමිසමේ (EFCC) ප්‍රකාශක Dele Oyewale විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, අදාළ පරීක්ෂණ අවසන් වූ වහාම බොබ්‍රිස්කි හට අධිකරණ චෝදනා ගොනු කරන බවයි.

views

528 Views

Comments

arrow-up