හාදුවක් නිසා දෙවසරකට වැඩි සිර දඬුවමක් ?? - ලෝක නඩුවක් වුණු ලු‍යිස් රුබියල්ස්ගේ ආන්දෝලනාත්මක දෙතොල් හාදුවට ලැබුණු දඩුවම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

හාදුවක් නිසා දෙවසරකට වැඩි සිර දඬුවමක් ?? - ලෝක නඩුවක් වුණු ලු‍යිස් රුබියල්ස්ගේ ආන්දෝලනාත්මක දෙතොල් හාදුවට ලැබුණු දඩුවම (PHOTOS)

හාදුවක් නිසා දෙවසරකට වැඩි සිර දඬුවමක් ?? - ලෝක නඩුවක් වුණු ලු‍යිස් රුබියල්ස්ගේ ආන්දෝලනාත්මක දෙතොල් හාදුවට ලැබුණු දඩුවම (PHOTOS)

ගෙවුණු වසරේ වඩාත් කතාබහට ලක්වුණු ලුයිස් රුබියල්ස්ගේ (Luis Rubiales) ආන්දෝලනාත්මක 'දෙතොල් හාදුව' යළි කරළියට පැමිණ තිබෙනවා.

 

ඒ, දෙතොල් හාදුව සම්බන්ධයෙන් හිටපු පාපන්දු ප්‍රධානී රුබියල්ස්ට එරෙහිව ස්පාඤ්ඤ නඩු පවරන්නන් විසින් වසර දෙකයි මාස හයක සිර දඬුවමක් ඉල්ලා සිටීමත් සමඟයි.

 

සිර දඬුවමට අමතරව ඔහුට වසර දෙකක 'අධීක්ෂණය සහිත' නිදහසක්, හර්මෝසෝ සමඟ සන්නිවේදනය කිරීම වසර හතරකට තහනම් කිරීම සහ ඇයගෙන් දුරස්ථව (මීටර් 200ක් ඇතුළත) සිටින ලෙසත් අවධාරණය කර ඇති බව සඳහන්.

 

එමෙන්ම වන්දි වශයෙන් ඩොලර් 54,100ක් ගෙවන ලෙස සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ස්පාඤ්ඤයේ හිටපු කාන්තා පාපන්දු පුහුණුකරු ජෝර්ජ් විල්ඩා, ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇල්බට් ලූක් සහ RFEF අලෙවි අධ්‍යක්ෂ Rubén Rivera විසින් අදාළ සිපගැනීම සාධාරණීකරණය කරන ලෙස හර්මෝසෝට බලපෑම් කළ බවට පැමිණිලිකරුවන් චෝදනා කර ඇති හෙයින්, ඇයට තවත් ඩොලර් 54,100ක වන්දියක් ගෙවන ලෙස එම පාර්ශවයන් වෙතද අවධාරණය කර ඇති බව සඳහන්.

 

ගිය වසරේ (2023 අගෝස්තු) FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් විසින් ජයගනු ලැබීමෙන් පසුව, කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන ජෙනිෆර් හර්මෝසෝගේ (Jenni Hermoso) දෙතොල් ඇයගේ අවසරයකින් තොරව රුබියල්ස් විසින් සිප ගැනීම මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණයක් බවට පත් වුණා.

 

ඒ අනුව රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ (RFEF) සභාපති ලෙස කටයුතු කරමින් සිටි ඔහු සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ද මෙම කරුණ වඩාත් දුරදිග ගිය එකක් බවට පත් වූවා.

 

ඔහුගේ එම හැසිරීමට එරෙහිව යුරෝපීය පිරිමි - කාන්තා පාපන්දු සමාජවලින් මෙන්ම, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ගෙන් ද ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගෙන්ද දැඩි විවේචනයක් එල්ල වුණු අතර, එරට ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ එහි කාර්‍යය මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ රුබියල්ස් සභාපති ධුරයෙහි රැඳී සිටින තාක් කල් ඔවුන් රට වෙනුවෙන් යළිත් ක්‍රීඩා නොකරන බවයි.

 

මෙම සිදුවීමට අදාළව රුබියල්ස්ට එල්ල වූ චෝදනාව, ලිංගික අතවර සහ බලහත්කාරකම් සම්බන්ධයෙන් වූ බරපතළ ගණයේ චෝදනාවක්.

 

එය ලිංගික අතවර කළ බවට රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් කළ අධිචෝදනාවක් බවයි cnn පෙන්වා දෙන්නේ.

 

හර්මෝසෝ සහ ඇගේ සගයන් හාදුව සම්බන්ධයයෙන් දැරූ මතය වූයේ, එය අනවශ්‍ය සහ අවමන් සහගත එකක් වන බවයි.

 

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මේ සම්බන්ධව රුබියල්ස් හට එක් ලිංගික අතවර චෝදනාවක් සහ සිපගැනීමෙන් පසු ඔහු කළ බව කියන ක්‍රියාවන් ''බලහත්කාරයෙන්'' සිදුකළ ඒවා ලෙසයි අධිකරණයේ ලේඛනගතව ඇත්තේ.

 

ඒ අනුවයි එම චෝදනාවලට පිළිවෙළින් වසරක සහ මාස 18ක සිරදඬුවම් හිමිවන බව සඳහන් වන්නේ.

 

සිය පළමු ලෝක කුසලාන ජයග්‍රහණය සමරමින් සිටි ස්පාඤ්ඤයේ කාන්තා කණ්ඩායමට මෙම අපකීර්තිය ඓතිහාසික සැමරුමක් යටපත් කරැති බව ක්‍රීඩාලෝලීන්ගෙන් එල්ල වන කණස්සලුසහගත චෝදනාවයි.

 

ස්පාඤ්ඤයේ ලෙටිසියා රැජින සහ ඇගේ දියණිය ඉන්ෆැන්ටා සොෆියා කුමරිය අසල සිටගෙන ජයග්‍රහණය සමරන මොහොතක ඔහුගේ මෙම හැසිරීම අදාල චෝදනාවන්ගේ බරපතළකම තවත් වැඩිකර තිබෙනවා.

මෙම හාදුව ගෝලීය වශයෙන් විකාශය වීම 'කාන්තාව ,ක්‍රීඩාව සහ ලිංගිකත්වය' පිළිබඳ ගෝලීය රැල්ලක් ඇති කළ අතර රට තුළ 'කාන්තා පාපන්දු ක්‍රීඩාවේ වෙනස්කම් සිදු කරන ලෙස' ඉල්ලා සිටි ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් විසින් 'ජාතික කණ්ඩායම වර්ජනය' කිරීමට ද එය ප්‍රබල හේතුවක් විය.

 

අනතුරුව රුබියල්ස්ගේ කටයුතු පළමුව ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන Fifa විසින් අත්හිටුවන ලදී.

 

අවසානයේ ඔහු ස්පාඤ්ඤයේ පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා සහ සැප්තැම්බර් මාසයේදී යුරෝපීය පාපන්දු සංගමයේ (Uefa) උප සභාපති යන දෙඅංශයෙන්ම ඉල්ලා අස්වීමට කටයුතු කරනු ලැබීය.

 

ජනවාරි මාසයේදී, රුබියල්ස් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට පාපන්දු ක්‍රියාකාරකම් සඳහා වසර තුනක තහනමක් Fifa විසින් පනවන ලදී.

views

299 Views

Comments

arrow-up