“පරිස්සමෙන් ගිහින් එන්න, අපි ආදරේ කරන හැමකෙනාටම දවසක යන්න දෙන්න වෙනවා..” - නිළි ටනාශාව දාලා ගියේ කවුද ??
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

“පරිස්සමෙන් ගිහින් එන්න, අපි ආදරේ කරන හැමකෙනාටම දවසක යන්න දෙන්න වෙනවා..” - නිළි ටනාශාව දාලා ගියේ කවුද ??

“පරිස්සමෙන් ගිහින් එන්න, අපි ආදරේ කරන හැමකෙනාටම දවසක යන්න දෙන්න වෙනවා..” - නිළි ටනාශාව දාලා ගියේ කවුද ??

ටනාශා හතරසිංහ කියන්නෙ පුංචි තිරයේ වඩාත් ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර උඩින්ම ඉන්න තාරකාවක්.

 

ඇයට ඉන්නවා හරි ලස්සන සහෝදරි‍යො ''සෙට් එකක්''.

 

ඇය ගැන විමසිල්ලෙන් ඉන්න ඔබ ඒ ගැන හොඳින්ම දන්නවනෙ.

 

 

පවුලක ගෑනු දරුවො ම ඉන්නවා කියන්නෙත් හරි සුන්දර අත්දැකීමක්.

 

පහුගිය කාලෙ මේ අක්කා නඟෝලා ගැන වැඩි කතාබහක් ඇති වුණේ, ළඟ ළඟම ඔවුන්ගේ පවුල මංගල සිරියෙන් බැබළුණු නිසාවෙන්.

 

ඒ මංගල්‍යයන් එක්ක තමයි ටනාශාගේ ''ලස්සන සහෝදරියන්'' ගැන හොයන්න, කතාබහ කරන්න බොහෝදෙනා පෙළඹුණේ.

 

එහෙම ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉන්න රසික සමූහයටයි මේ ලියමන.

 

 

ටනාශා සිය ෆේස්බුක් ගිණුමට තරමක වේදනාත්මක සටහනක් එක්කාසු කරලා.

 

ඒ ඇයගේ සහෝදරියකගේ විදෙස්ගත වීමක් ගැන.

 

පුංචි කාලෙ ඉඳන් එකටම උන්නු සහෝදරියක් දුරකට යනවා කියන්නෙම ,සුබ පතන්න ඕනි කාරණාවක් වුවත් තරමක හිත රිදෙන කාරණාවකුත්නෙ...

 

ඉතින් ඒ ආදරණීය හැඟීම් තමයි ටනාශා මේ විදියට වචන කරලා තිබුණෙ....

 

''ජිවිතේ අපි ආදරේ කරන හැමකෙනාටම දවසක යන්න දෙන්න වෙනවා

පරිස්සමෙන් ගිහින් එන්න අක්කි බබෝ.

අදින් පටන් ගන්න ඔයාගේ ජිවිතේ සතුටම විතරක් ඉතිරෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

හැමදාමත් අපි 4 දෙනා එකටනේ හිටියේ

අපිත් ඉක්මනට ඔයා බලන්න එන්නම්.

ආදරෙයි ගොඩක් Safe Flight ''

 

views

17800 Views

Comments

arrow-up