අමිතාබ්ගේ මුණුපුරාගෙයි, ෂාරුක්ගේ දෝණිගෙයි හැංගි හොරා ආදර කතාව ආයෙත් එළියට

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා රංගනයට පිවිසෙන්නෙ එකම කාලයක.
ඒ, 2023 වසරේ ''The Archies'' එක්ක.
එහෙම බොලිවුඩයට පිවිසි මේ නව යෞවනයන් පෙම්වතුන් වන බවට පහුගිය කාලය පුරාම කටකතා පැතිරෙන්න ගත්තා.
නිල වශයෙන්ම ඒ ගැන තොරතුරු එළියට නාවත් යම් යම් කාරණා එක්ක බොහෝදෙනා අනුමාන කරනවා සුහානා ඛාන් - අගස්ත්‍යා නන්දා පෙම්වතුන් වන බවට.
ඒ කතාවට යළි තටු ඇවිත් තිබුණෙ දෙන්නගෙ ඡායාරූප කිහිපයක් හුවමාරු වෙන්න පටන් ගත්තට පස්සෙ.
සුහානා ඛාන් මේ දිනවල ලන්ඩනයේ නිවාඩුවක් ගත කරමින් ඉන්නෙ.
බොලිවුඩ් ආරංචි මාර්ගවලට අනුව ඇය සමඟ ඇගේ පෙම්වතා යැයි කියන අගස්ත්‍ය නන්දා ද ඉන්නවා.
ඒ වගේම මේ යුවළ ලන්ඩනයේ රාත්‍රී සමාජ ශාලාවක සාදයක් පවත්වන ආකාරයත් දකින්න ලැබිලා.
7879 Views
Comments