දුම්රියේදී සෙල්ෆියක් ගැනීමට ගොස් සිදුවූ අනතුරින් මියගියැයි කියූ රුසියානු කතගේ මරණය සිදුවූ ඇත්තම විදිය එළියට

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇළ අතර ප්‍රදේශයේදී පසුගිය 19 වැනි දින සිදුවූ රුසියානු සංචාරිකාවකගේ අවාසනාවන්ත මරණය පිළිබඳව නව තොරතුරු හෙළිදරව් වී තිබේ. මුලදී වාර්තා වූ පරිදි, ප්‍රිමින්වා ඔල්ගා නම් වූ 53 හැවිරිදි රුසියානු ජාතික කාන්තාව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී පොඩි මැණිකේ දුම්රියෙන් ඇදවැටී මිය ගිය බව සඳහන් වුවද, මරණ පරීක්ෂණයේදී එය සැබෑ හේතුව නොවන බව දැන් තහවුරු වී ඇත.
බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සුජීවන සිල්වා මහතා විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ සාක්ෂි අනුව, ඔල්ගා දුම්රිය දොරටුවේ කණු දෙකක එල්ලී සිටි අතර, ඇගේ මිතුරිය වන 55 හැවිරිදි එර්නා ලලිසා නමැති රුසියානු ජාතික කාන්තාව විසින් ඇයගේ ඡායාරූප ගත කරමින් සිටියාය. මෙම අවස්ථාවේදී ඔල්ගාගේ කොණ්ඩය මුහුණට වැටී ඇති අතර, එම අපහසුතාව මඟහරවා ගැනීමට ඔලුව හරවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ තිබූ ගලක හැපී ඇය දුම්රියෙන් බිමට ඇදවැටී ඇත.
මරණ පරීක්ෂණයේදී මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා ඔල්ගා සමඟ ලංකාවට පැමිණි කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. මෙම සංචාරක කණ්ඩායමට මඟ පෙන්වන්නෙකු ලෙස සේවය කළ 55 හැවිරිදි සංජය ජානක අමරදේව මහතාගේ සාක්ෂිය ද මරණ පරීක්ෂණයේදී වාර්තා කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව මුලදී වාර්තා වූයේ ඔල්ගා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කරන අතරතුර දුම්රියෙන් ඇදවැටීමෙන් මිය ගිය බවය. කෙසේ වෙතත්, මරණ පරීක්ෂණයේදී ලැබුණු සාක්ෂි මත එය නිවැරදි කර ඇති අතර, ඇයගේ මරණය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී සිදුවූවක් නොව, දුම්රිය දොරටුවේ එල්ලී සිටියදී ඇයගේ හිසකෙස් මුහුණට වැටීමෙන් ඇතිවූ අපහසුතාව නිසා හිස හැරවීමේදී සිදුවූ අනතුරක් බව තහවුරු වී තිබේ.
පර්මිනෝවා ඔල්ගා (Perminova Olga) නම් වූ මෙම විදේශික සංචාරිකාව වයස අවුරුදු 53ක් වූ රුසියානු ජාතිකයෙකි. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා තවත් විදේශීය සංචාරකයින් පිරිසක් සමඟ මෙරටට පැමිණි ඇය, පෙබරවාරි 19 වන දින උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වන පොඩිමැණිකේ දුම්රියට ගොඩවී ඇල්ල දෙසට ගමන් කරමින් සිටියදී මියගියාය.
268 Views
Comments