“අද නම් වැඬේ අහුවුණා, හිටපන් අද.....” - පවුල් අවුල් කරන්නට ගිය අසල්වැසියන් රත්වෙන්නම අඹුසැමියන් කලදේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

“අද නම් වැඬේ අහුවුණා, හිටපන් අද.....” - පවුල් අවුල් කරන්නට ගිය අසල්වැසියන් රත්වෙන්නම අඹුසැමියන් කලදේ

“අද නම් වැඬේ අහුවුණා, හිටපන් අද.....” - පවුල් අවුල් කරන්නට ගිය අසල්වැසියන් රත්වෙන්නම අඹුසැමියන් කලදේ

කියන්න යන්නේ තවත් එක් පවුලක් අවුල් කරන්න ගිය ගම්මු පිරිසක් ගැන ඇසෙන කතාවක්...


 

තමාගේ විවාහක සැමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවට ඔප්පු කරන්නට ගිය අවට වැසියන්ට එම සැමියාගේ බිරිය දුන් උත්තරයෙන් රැස්ව සිටි පිරිසේ දත කට පූට්ටු වු පුවතක් ගැන යාපහු පුරවරයෙන් අසන්නට ලැබෙනවා...



විවාහක අඹු සැමියන් දෙදෙනා තරුණ වියේ සිට පෙම්වතුන් ලෙසට වසර ගණනාවක් ඇසුරු කොට ඔවුන් කවුද යන්න හඳුනාගෙන විවාහ වූ දෙපලක්..



දෙදෙනාම රාජ්‍ය සේවාවේ නියැලෙන අතර ඔවුනගේ දියණියෝ දෙදෙනා ද රාජ්‍ය අංශවල සේවය කරනවා..
මවුපිය දෙදෙනාගේ සමීපතාවය ගැන දරුවෝද කතා කරන අතර, අන් අයට මේ දෙදෙනාගේ ඇසුර ආදර්ශයක්.. එහෙත් සමගිය දෙදරවන වැඩක් කරන්නට පිරිසක් වෙර දරමින් සිටියා..



දිනක් නිවසේ සැමියා රැඳී සිටියේ තනියමයි... ඒ ඔහු එදින නිවාඩුවක් අරගෙන සිටි නිසායි...
අවට අය ඔහු පමණක් ගෙදර සිටින බවත් බිරිය හා දරුවන් රැකියා සඳහා පිටවී ගොස් ඇති බවත් දැන සිටියා..



එදින නිවසට ගමේ කාන්තාවක ගොඩ වැදුණා... ඇය සෑහෙන වේලාවක් නිවසේ රැඳී සිටියා.. අවට අය ඇස් කන් අයාගෙන ඒ දෙස විපරම් කළා..
බොහෝ වේලාවකට පසුව පැමිණි කාන්තාව පා ගමනින් පිටවී ගියා...



ඒ සමගම එහි නිවෙස් හිමිකරුවා ද යතුරුපැදියෙන් නිවසෙන් පාරට ගොඩ වුවා පමණයි...
අවට රැස්ව සිටි අය ඔහු වටකර ගත්තේය “අද නම් වැඬේ අහුවුණා. හිටපන් අද ගෑනිට කියනවා... අද තමයි නිවසේ සාමය කුඩු පට්ටම් කරන දවස” යැයි හඩ නැගුවා..
පා ගමනින් යන කත කිසිවක් නොදැන ඉදිරියටම ගියා..



ඔහු එහි පිරිස ඇමැතුවා..



“මට පුළුවන් දෙයක් මං කරනවා. අපි දෙන්නා කැමැති නම් උඹලාට මොකද?
පාර දෙසින් ඇසෙන්නේ ශබ්දයකි. එය බලන්නට මෙන් නිවසේ දොර ඇරියා... කතක් එතැනට ගියා..
ඇය එනු දුටු පිරිස ”අන්න අක්කා එනවා. ඇයි අයියේ අද අක්කා වැඩට ගියේ නැද්ද? “කියා අසමින් එතැනින් පැන යන්නට හැදූහ.
දුවන්නට නොදී ඔවුන් නවතා ගත් සැමියා වෙච්ච දේ එතැනට ආ තම බිරියට කීවේය.
“ඒ නංගි ආවේ මං හමු වෙන්න. අමු කැලෑ ගිනි අවුලන එවුන්ට ඔවුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න. මං මේ හති දාගෙන දුවගෙන ආවේ ඔයාට කරදරයක් ද කියලා බලන්න. පරක්කු වෙන්නේ නැතිව යන ගමන ඔයා යන්න” කියා ඇය ආපසු ගෙට ගියා...



එවිට “ඇද්ද අහ ගත්තා” පැවසු සැමියාත් ගමන යන්නට යතුරු පැදිය පණ ගැන්වුවා...

views

646 Views

Comments

arrow-up