පළමුවරට යුරෝපයට ගිය “මේඩ් ඉන් ශ්‍රී ලංකා” විද්‍යුත් පාපැදි තොගය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

පළමුවරට යුරෝපයට ගිය “මේඩ් ඉන් ශ්‍රී ලංකා” විද්‍යුත් පාපැදි තොගය

පළමුවරට යුරෝපයට ගිය “මේඩ් ඉන් ශ්‍රී ලංකා” විද්‍යුත් පාපැදි තොගය

මෙරට නිෂ්පාදනය කරන ලද විද්‍යුත් පාපැදි තොගයක් පළමුවරට යුරෝපයට අපනයනය කිරීම ඉකුත් 18 දා සිදුවිය.

 

කේ. ඩී. රයිස් සමාගම මගින් නිෂ්පාදනය කරන ලද මෙම විද්‍යුත් පාපැදි යුරෝපීය වෙළෙඳපළට පිවිසීමට අවශ්‍ය CE සහතිකය හා ISO තත්ත්ව සහතිකය ලබාගෙන ඇති අතර එම සහතිකය හිමිවූ පළමු දකුණු ආසියානු සමාගම කේ. ඩී. රයිස් ආයතනයයි.

 

ඒ අනුව යුරෝපයට විද්්‍යුත් පාපැදි අපනයනය කරන පළමු දකුණු ආසියානු රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වෙයි.

 

2022 වසරේදී ඉතාලියේ සිට පැමිණි ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද කේ. ඩී. රයිස් මෝටර්ස් ආයතනය සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන පහකි.

 

ධම්මික පෙරේරා මහතා සතු ඉතාලියේ ඉලෙක්ටි්‍රක් බයිසිකල් කර්මාන්ත ශාලාවේ නිපදවන ලද විද්‍යුත් පාපැදියක් එරට අගමැතිවරයා විසින් පරිහරණය කිරීමද විශේෂත්වයකි.

 

මේ අතර කේ. ඩී. රයිස් මෝටර්ස් ආයතනය ලංකාවේ වෙළෙඳපළට නිෂ්පාදනය කොට ඇති දැනට දේශීය වෙළෙඳපළ තුළ ශීඝ්‍රයෙන් අලෙවි වන ලීඩර් (LEADER) ඉලෙක්ටි්‍රක් ස්කූටරය මීළඟ අදියරේදී යුරෝපීය වෙළෙඳපළට දැනටමත් අපනයනයට සැලසුම් කර ඇත.

 

අපනයනය කරන පළමු විද්‍යුත් පාපැදි තොගය කන්ටේනරයට පැටවීම සිදුකළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා කේ. ඩී. රයිස් ආයතනයේ ප්‍රධානී ධම්මික පෙරේරා මහතා සහභාගී විය.

views

174 Views

Comments

arrow-up