එවරස්ට් තරණයට ගොස් අතුරුදන්වූ කඳු නඟින්නෙකු ගැන වසර සියයකට පසු ඇහෙන හිතාගන්නවත් බැරි කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

එවරස්ට් තරණයට ගොස් අතුරුදන්වූ කඳු නඟින්නෙකු ගැන වසර සියයකට පසු ඇහෙන හිතාගන්නවත් බැරි කතාව (PHOTOS)

එවරස්ට් තරණයට ගොස් අතුරුදන්වූ කඳු නඟින්නෙකු ගැන වසර සියයකට පසු ඇහෙන හිතාගන්නවත් බැරි කතාව  (PHOTOS)

මීට වසර 100කට පෙර අතු­රු­දන්වූ බවට සැල­කෙන බ්‍රිතාන්‍ය ජාතික කඳු නඟි­න්න­කුගේ පාද­යක කොට­සක් එව­රස්ට් කඳු මුදු­නින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විස්ම­ය­ජ­නක සොයා ගෙන ඇත්තේ නැෂ­නල් ජියො­ග්‍රැ­ෆික් වාර්තා චිත්‍ර­ප­ට­යක් රූගත කිරී­මට ගිය කඳු නඟි­න්නන් පිරි­ස­කට බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

වසර 1924 ජූනි මාස­යේදී එව­රස්ට් කන්ද තර­ණය කිරී­මට ගිය ඇන්ඩෘ කොමින් සහ ඔහුගේ සහා­ය­කයා වන ජෝර්ජ් මැලොරි අතු­රු­දන්වූ බවත්, පසුව ජෝර්ජ් මැලො­රිගේ සිරුරේ කොටස් හමු­වූ­වද, ඇන්ඩෘගේ සිරුර කිසි දිනෙක හමු නොවූ බවද අනා­ව­ර­ණය වී ඇති අතර, කඳු මුදුනේ ග්ලැසි­ය­ර­යක හිමි දිය­වී­මෙන් පසු ඉහ­ළට මතුවී තිබූ එම පාදයේ කොටස ඇන්ඩෘගේ බවට ද අනු­මාන කර ඇතැයි වාර්තා වේ.

 

කෙසේ වුවද එය තහ­වුරු කර­ගැ­නීම සඳහා මේ වන විට බ්‍රිතාන්‍ය බල­ධා­රීන් ඩීඑන්ඒ පරී­ක්ෂ­ණ­යක් සිදු­කි­රී­මට නිය­මි­තව ඇතැයි ද, එය ඇන්ඩෘගේ පාදයේ කොට­සක් බවට තහ­වුරු වන්නේ නම් එව­රස්ට් කඳු තර­ණයේ ඉති­හා­සය මුළු­ම­නින්ම වෙනස් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.



එව­රස්ට් කන්ද තර­ණය කළ පළමු පුද්ග­ල­යින් බවට වාර්තා­පො­තට එක්වී සිටින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝර් එම වාර්තාව පිහි­ටුවා ඇත්තේ ඇන්ඩෘ සහ ජෝර්ජ් එව­රස්ට් කන්ද තර­ණය කිරී­මේදී අතු­රු­ද­න්වී­මෙන් වසර 29කට පසු­වය.

 

views

246 Views

Comments

arrow-up