නෙළුම් කුළුණෙන් පැන්න ශිෂ්‍යාවගේ පැටිකිරිය එලියට - පියාගෙන් පාපොච්ඡාරණයක්

නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන ඊයේ සියදිවි හානිකරගත් පාසල් සිසුවිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර තොරතුරු හෙළිදරව් කර තිබේ.ඇය වයස අවුරුදු 16 ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකි.
පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් 29 වැනි මහලෙන් පැන සිය දිවි හානිකර ගෙන ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම පාසල් සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියකි.
එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
379 Views
Comments