“විශ්‍රාම ගන්නෙ පුරාවෘත්ත. නමුත් රජවරු සදාකාලිකයි” - සුපිරි නළු ෂාරුක්, විශ්‍රාම යයි

බොලිවුඩයේ රජු හෙවත් ෂාරුක් ඛාන්, යම් දිනෙක 'විශ්‍රාම යාමට ගන්නා තීරණය' ගැන ඔහුට ආදරේ කරන ඔබට අදහසක් තියෙනවද
ඔහු කවදා, වයස අවුරුදු කීයෙන් සිනමා දිවියෙන් විශ්‍රාම යාවිද වැනි අදහසක් ඔබට තියෙනවද
ඔන්න ඒ ගැන ෂාරුක් ම පහුගිය දවසක ප්‍රසිද්ධියේ කතා කරලා තිබුණා.
ඒ, කරන් ජොහාර් අහපු ප්‍රශ්නෙකට උත්තර හැටියට.
IIFA 2024 සිනමා සම්මාන වේදිකාවේදියි කරන් ජොහාර් මෙහෙම ෂාරුක්ව ප්‍රශ්න කරලා තිබුණේ.
ඇත්තට ම ඒක මහා ලොකු බරපතල ප්‍රශ්නයක් එහෙම නෙවෙයි !
මිත්‍රශීලීව විහිළුවක ස්වරූපයෙන් අහපු ප්‍රශ්නයක් ඒක.
මොකද ෂාරුක් - කරන් දෙන්නා තමයි IIFA 2024 වේදිකාවේ මෙහෙයවීම් කටයුතු කළේ. ඒ අතරතුර වුණු කතාබහක් තමයි මේ.
ෂාරුක්, කරන්ව වේදිකාවට පිළි අරන් තිබුණෙත් හරි අපූරු ආකාරයකට.
“ඉන්දියාව මෙතෙක් බිහි කළ ලොකුම අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙක්...” ඒ තමයි ෂාරුක්ගෙන් කරන්ට ලැබුණු පිළිගැනීම.
එහෙම වේදිකාවට පිවිසි කරන්, කිං ඛාන්ව තරයේ වැළඳගෙන තිබුණා.
ඒ වැළඳගැනීම කොච්චර ද කියනවා නම්,
''මෙතරම් ආදරය ප්‍රසිද්ධියේ පෙන්වන්න එපා, මිනිසුන් කතා කරන්න පටන් ගනීවි..'' මැයෙන් ෂාරුක් ඊට පුංචි විහිළුවකුත් කරලා.
ෂාරුක් අවසන් වරට IIFA සත්කාරකත්වය ලබා දීලා දශකයක් ගිහින්. ඉතින් ඒ කාලය පුරාවට SRK නැතුව තමන් සත්කාරක රාජකාරි කළමනාකරණය කළ අපූරුව ගැන කරන් කාගෙනුත් විමසලා තිබුණා.
ෂාරුක් ඒකටත් කදිම උත්තරයක් දීලා මෙන්න මෙහෙම...
“හිමිකරු නැති විට මුරකරුවෙකු සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් බලාගන්නවාක් මෙන් ඔබ සත්කාරකත්වය හසුරුවා ඇති...”'
ඔන්න ඊට පස්සෙ තමයි ෂාරුක්ගේ විශ්‍රාම ගැනීම ගැන කරන් සිය ප්‍රශ්නය යොමු කරන්නෙ.
ෂාරුක් එක තැනක කියනවා, පුරාවෘත්තවල ඇති ලොකුම ගුණාංගය තමයි ඔවුන් නතර කළ යුත්තේ කවදාද සහ කවදා විශ්‍රාම යා යුතුද යන්න දැන ඉන්නවා කියන එක.
''පුරාවෘත්තවල ඇති ලොකුම ගුණාංගය නම් ඔවුන් නතර කළ යුත්තේ කවදාද සහ කවදා විශ්‍රාම යා යුතුද යන්න දැන සිටීමයි.
සචින් තෙන්ඩුල්කාර්, සුනිල් චෙත්‍රි පාපන්දු ක්‍රීඩකයා සහ රොජර් ෆෙඩරර් විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයා වගේ.
ඔවුන් සියලු දෙනාම දන්නවා කවදා විශ්‍රාම ගත යුතුද කියලා.
දැන් මම හිතන්නේ ඔබත් (කරන්) විශ්‍රාම ගැනීමට කාලය පැමිණ ඇති බව...''
ඉතින් ඊට කරන් ආපිට ෂාරුක්ගෙන් අහනවා,
''ඇයි ඔබ විශ්‍රාම නොගන්නේ ?'' මැයෙන්.
“මම වෙනස්ම ආකාරයේ පුරාවෘත්තයක්. මම MS Dhoni වගේ.
ක්‍රීඩා කරන්නේ නැහැ නැහැ කීවත් ඔහු IPL වාර 10ක් ක්‍රීඩා කරයි....” ඔන්න ඕකයි ෂාරුක්ගෙ උත්තරේ.
කරන් - ෂාරුක් එක්කම සම-සත්කාරක හැටියට කටයුතු කළ විකී කෞෂාල් ද මේ කතාබහට අඩුවැඩිය එක්කාසු කරලා තිබුණා.
ඒ,
''විශ්‍රාම ගන්නෙ පුරාවෘත්ත. නමුත් රජවරු සදාකාලික ය..'' යනුවෙන්.
'Retirement are for legends, Kings are forever'
දශකයකට වැඩි කාලයකට පස්සෙ ෂාරුක් යළි IIFA සම්මාන උළෙලේ සත්කාරකයකු හැටියට කටයුතු කිරීම කාගෙත් හිත්ගත්තු කාරණාවක්.
ඒ නිසාම එදින රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් බව සහතික කරන්න ඔහු ලොකු උත්සාහයක් අරන් තිබුණා.
ඒත් එක්කම ජවාන් චිත්‍රපටය වෙනුවෙන් 'හොඳම නළුවාට හිමි සම්මානය' දිනූ ෂාරුක් ඛාන් IIFA 2024 සන්ධ්‍යාවට ඉහළ වටිනාකමක් ද ලබාදීලා තිබුණා.
343 Views
Comments