“සිනහ නඟන හඬා වැටෙන මොහොතක එළඹී..” - ප්‍රවීණ ගායන ශිල්පි දයාන් විතාරණයන්ගේ 580 වැනි ගීත නිර්මාණය එළිදකී (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

“සිනහ නඟන හඬා වැටෙන මොහොතක එළඹී..” - ප්‍රවීණ ගායන ශිල්පි දයාන් විතාරණයන්ගේ 580 වැනි ගීත නිර්මාණය එළිදකී (PHOTOS)

“සිනහ නඟන හඬා වැටෙන මොහොතක එළඹී..” - ප්‍රවීණ ගායන ශිල්පි දයාන් විතාරණයන්ගේ 580 වැනි ගීත නිර්මාණය එළිදකී (PHOTOS)

ප්‍රවීණ ගායන ශිල්පි දයාන් විතාරණයන් සිය 580 වැනි ගීත නිර්මාණය ද ගයා අවසන් බව පසුගියදා මුහුණු පොතෙහි සටහන් කර තිබුණා.

 

යුග ගීයක් වන එය නම් කර ඇත්තේ "සිනහ නඟන.." මැයෙනි.

 

ඒ අනුව දයාන් විතාරණයන් සමඟ ඊට යුග ගායනයෙන් එක්වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබන සංගීත විශාරද රවීෂා දෙව්මිණී වැලිකඩ දියණියයි.

 

මෙම ගීතය ඇය සමඟ ගායනා කළ පස්වෙනි ගීතය වන බවත් දයාන් විතාරණයන් සිය සටහනේ සඳහන් කර තිබුණා.

 

ගීතයේ තනුව සහ සංගීත අධ්‍යක්ෂණය ඇයගේ පියා වන විපුල ආසිරි වැලිකඩ විසිනි.

 

 

 

views

182 Views

Comments

arrow-up