“බෝක්කුව උඩ “ඩැනී බේබි” හිටියා, අපිව දැකලා ළඟට ඇවිත් ඉනේ තිබ්බ පිහියෙන් දුවගෙ බෙල්ලට ඇන්නා” කෘෂි නිලධාරිනිය ඝාතනයේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

“බෝක්කුව උඩ “ඩැනී බේබි” හිටියා, අපිව දැකලා ළඟට ඇවිත් ඉනේ තිබ්බ පිහියෙන් දුවගෙ බෙල්ලට ඇන්නා” කෘෂි නිලධාරිනිය ඝාතනයේ කතාව

“බෝක්කුව උඩ “ඩැනී බේබි” හිටියා, අපිව දැකලා ළඟට ඇවිත් ඉනේ තිබ්බ පිහියෙන් දුවගෙ බෙල්ලට ඇන්නා” කෘෂි නිලධාරිනිය ඝාතනයේ කතාව

තංගල්ල, වැලිආර, නෙතොල්පිටිය ප්‍රදේශයේ දී අමානුෂික ලෙස ඝාතන වූ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියට එම අපරාධය සිදුකරන අයුරු ඇයගේ නැනදනිය විසින් සියසින් දැක තිබේ.

 

ඊයේ (27) උදෑසන එම ඝාතනය සිදුව තිබුණේ 30 හැවිරිදි ආර්. එම්. දීපශිකා නැමති ඝාතනයට ලක්වු කාන්තාවගේ නිවස ආසන්නයේ දීය.


පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් “ඩැනී බේබි” නමැත්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


හම්බන්තොට රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදීම හේතුවෙන් අදාළ කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි අනාවරණය වුණි.


කෙසේවෙතත් අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ නැන්දනිය වන ඩී. ජී.දයාවතී මහත්මිය ද ඇය සමග සිට තිබුණි.


එම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ “දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ “ඩැනී බේබි” ඉඳගෙන හිටියා. 

 

එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ළඟටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා’ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා’ දුව ලේ පෙරාගෙන බිම වැටුනා. “ඩැනී බේබි” බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල, ඔළුව එහාට මෙහාට තල්ලු‍ කර කර කැපුවා’ පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා.” යනුවෙනි.

 

ධීවර කාර්මිකයෙක් වන ඩැනී බේබි නැමැත්තා පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

 


තවත රෝහල් සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය “ඩැනී බේබි” නමැති සැකකරුට පවසා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

 

පසුව එම පුද්ගලයා පෙරේදා (26) රාත්‍රී කාලයේ දී ඇය පදිංචිව සිටින නෙටොල්පිටිය වැලි ආරේ නිවසටද අවස්ථා දෙකක දී ගොස් පොහොර ලබාගැනීමට ලිපිය ඉල්ලා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

 

එහි දී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසය.

 

ඊයේ (27) උදෑසන කෘෂිකර්ම පර්යෝෂණ නිෂ්පාදක සහකාරවරිය සිය නැන්දම්මා සමඟ පා ගමිනින් කාර්යාලය බලා යමින් සිටිය දී මඟ රැක සිටි “ඩැනී බේබි” නමැත්තා මෙම අපරාධය සිදුකර තිබේ.

 

පිහි ඇනුම් කා බිම ඇද වැටී වේදනාවෙන් දඟලමින් සිටි කාන්තාවගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බව ද පොලීසිය කරයි.

 

වේදනාවෙන් බිම වැටී සිටි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඩැනී බේබි නමැත්තා ලේ බේරෙන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

ලේ බේරෙන පිහියද අතේ තබාගෙන සිටි සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරි සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ඇනීමට තැත්කර ඇත.

 

මේ අතර තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී විශාල පිරිසක් රැස්වී සිටිනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත.

 

එහි දී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියාගේද සහාය ඇතිව ඩැනී බේබි නමැති සැකකරුව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව පාලනයකර අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුව අද (28) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

153 Views

Comments

arrow-up