නිවසට හොරෙන් පාපැදිය රැගෙන යහලුවන් හමුවීමට ගිය පුංචි පුතාට මහමගදී අත්වූ ඛේදනීය ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

නිවසට හොරෙන් පාපැදිය රැගෙන යහලුවන් හමුවීමට ගිය පුංචි පුතාට මහමගදී අත්වූ ඛේදනීය ඉරණම

නිවසට හොරෙන් පාපැදිය රැගෙන යහලුවන් හමුවීමට ගිය පුංචි පුතාට මහමගදී අත්වූ ඛේදනීය ඉරණම

දික්වැල්ල ගොඩඋඩ බටහිර ලුණුකලපුව ප්‍රදේශයේ ගෙදරවත්ත නමැති ප්‍රදේශයේදී තද බෑවුමක් සහිත මාර්ගයක් පාපැදියකින් බසිමින් සිටි දස හැවිරිදි පිරිමි ළමයෙකු වංගුවකදී වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ආසන්නයේ පිහිටි දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමටත් පෙර පෙරේදා (12) මරුමුවට පත්ව ඇතැයි දික්වැල්ල පෙලිසිය කියයි.

 

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි මාතර බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්. එම්. සයුල් ජිත්වින් නමැති දස හැවිරිදි ශිෂ්‍යයෙකි.

 

පිරිමි ළමයි තිදෙනකු සිටින පවුලක ඔහු බාලයාය.

 

නිවසේ කිසිවෙකුට නොකියා සිය වැඩිමහල් සොහොයුරාගේ පාපැදිය ගෙන අසල පදිංචි සම වයසේ මිතුරන් සොයා යෑමේදී මෙම අනතුර සිදුවී ඇත.

 

වෙනදා ඔහු මිදුලේ පමණක් පාපැදිය පදින බව වැඩිමහල් සොහොයුරා කීය. 

views

284 Views

Comments

arrow-up