වැඩිමල් හිතකට නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ ඉඳුනිල්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

වැඩිමල් හිතකට නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ ඉඳුනිල්

වැඩිමල් හිතකට නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ ඉඳුනිල්

වට්ස්අප් සමාජ මාධ්‍ය හරහා හදුනාගෙන සිටි 44 හැවිරිදි කාන්තාවක සමග කෙටි පණිවුඩ හුවමරු කර ගත්තැයි පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා මාස පහකට පසු මිය ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසනවා.



ඉකුත් අප්‍රේල් 19 දින සැකකරුවන්ගේ හා සැකකාරියන්ගේ පහර කෑමට ලක් වු තරුණයා සිහි නොලබා කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 12 දින මියගොස් තිබුණි.



සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා සමග සමාජ මාධ්‍ය ගිණුම හරහා පණිවිඩ හුවමාරු කරගත් කාන්තාව, ඇගේ මව, සැමියා , සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඔවුන් පදිංචි ගම් ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.



සිද්ධියෙන් මියගොස් ඇත්තේ හගුරන්කෙත බඹරගම ප්‍රදේශයේ පදිංචි ඉන්දුනිල් චාමර කාරියප්පෙරුම (21) නැමැති තරුණයකු බවත්, ඔහු කොරියානු භාෂා පාඨාමාලාවක් හදාරමින් සිටි තරුණයකු බව පොලිසිය පවසයි.



මෙම තරුණයා එහි වට්ස්අප් සමාජ මාධ්‍ය ගිණුම හරහා හදුනාගත් කාන්තාවක් සමග කෙටි පණිවිඩ හා ඡායාරූප හුවමාරු කරගෙන ඇති බවත් එම කාන්තාව වයස අව්රුදු 44 ක විවාහක කාන්තාවක් බවට තරුණයා දැනගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.

views

728 Views

Comments

arrow-up