නවමස් දරුවා මව ඉල්ලා හඬන තැන නළවා ගන්න පොලිසි ගිය පියා

තම තරුණ බිරිඳ මෙයට දින තුනකට පමණ පෙර සිට තමන් අතහැර යෑම නිසා තුන් හැවිරිදි හා නව මස් වියැති තම දියණියන් දෙදෙනා රැක බලා ගැනීම අපහසු බැවින් මාස නවයක් වයසැති දියණිය පරිවාස භාරයට පත්කරන ලෙස ඊයේ (13) මින්නේරිය පොලිසියට දැරිය වඩාගෙන පැමිණි පියා විසින් ඉල්ලා ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ ඉල්ලා ඇත්තේ ගිරිතලේ යාය එක පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. තම සොයුරියද සමග පැමිණ ඔහු මෙම පැමිණිල්ල කර තිබිණි.
නව මස් වියැති දරුවා තම මව ඉල්ලා අඬන බවත් ඇය නළව ගැනීම තමන්ට අපහසු බවත් තුන් හැවිරිදි දැරිය තමන් භාරයේ තබා ගන්නා බවත් පියා පවසා ඇත.
පවුලේ පවතින අඬදබර නිසා මව සිය පවුල හැරගොස් ඇතිබව පොලිසිය පවසයි. පියා සහ නව මස් වියැති දැරිය ඊයේ (13දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
21102 Views
Comments